ප්‍රාදේශිය සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෙවීම් සම්පූර්ණ කරයි

Published in පුවත්
Saturday, 25 April 2015 15:06

දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වූ, මේ දක්වා නිමකර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු වෙනුවෙන් තවත් රුපියල් බිලියන 04 ක මුදලක් මුදා හැරේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මහා භාණ්ඩාගාරය අද සිදු කර ඇති මෙම මුදාහැරීමත් සමඟ ඉකුත් දෙසතිය තුළ සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් අවසන් කිරීම වෙනුවෙන් මුදා හැර ඇති මුලු මුදල රුපියල් බිලියන 08 ක් දක්වා ඉහළ යයි. මෙම මුදල් මුදා හැරීමත් සමඟ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව, දිස්ත්‍රික් ලේකම්වරුන් අතරැඳි බිල්පත් සියල්ල ගෙවා නිම කිරීමට හැකි වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.

දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෙවීම් අවසන් කිරීම වෙනුවෙන් ඉදිරි කාලසීමාවේ දී තවත් රුපියල් බිලියන 23 ක මුදලක් ‍අවශ්‍ය වනු ඇත. මෙම මුදල් අදාළ ව්‍යාපෘති නිමවන ආකාරය අනුව මහා භාණ්ඩාගාරය ඔස්සේ මුදා හැරීමට පියවර ගන්නා බව ද ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කරයි.

පසුගිය රජය සමයේ ආරම්බ කළ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති අත් හි‍ටුවා ඇති බවත් ලක්ෂ ගනනකට ‍රැකියා අහිමි කොට ඇති බවත් රාජපක්ෂ වාදි කණ්ඩායම් ප්‍රචාරයක් ගෙන ගියේය. එහෙත් එලෙස තාවකාලිකව අත් හිටවනු ලැබුවේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ව්‍යාපෘති බව රජය ප්‍රකාශ කළේය. මේ වන විට ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින අතරම එම සංවර්ධන ව්‍යාපෘතීන් අවසන් අදියර දක්වා නිම කිරීමට කිරීමට ද රජය තීරණය කර තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us