ඌරුමලේ මුහුදු වෙරළේ දී ඊයේ පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ධීවර බෝට්ටුවකින් අදාළ බිත්තර තොගය වෙරළට රැගෙන පැමිණි අවස්ථාවේ දී යි.
ඔවුන් සතුව මුහුදු කුරුල්ලන්ගේ බිත්තර 452ක් පමණ තිබු බව පොලීසිය පැවසුවේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශය අතර පිහිටි හතර වන වැලි දූපතේ සිට අදාළ බිත්තර රැගෙන එන ලද බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් ත්‍රීකුණාමලය, කුච්චවේලී සහ තලෙයිමන්නාරම ප්‍ර දේශවල පදිංචිකරුවන් වන අතර අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සංචාරක මුහුදු කුරුල්ලන්ගේ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු තලෙයිමන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Leave a comment