එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා 'මව්බිම' පුවත් ආයතනයේ හිමිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත.
ඔවුන් දෙදෙනා නම්කර ඇත්තේ, මේවනවිට සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මතය.