මන්ත්‍රීධුර 196කට 6151ක් මැතිවරණ සටන් බිමේ

Published in පුවත්
Tuesday, 14 July 2015 11:13

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 225 න් මහජන ඡන්දයෙන් කෙලින්ම තෝරාපත් කරගන්නා මන්ත්‍රී 196 ක් සඳහා තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 6151 දෙනෙකු නාමයෝජනා පත්‍ර බාර දී තිබේ.

වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ පිළිගත් ෙද්ශපාලන පක්ෂවලිනි. ස්වාධීන කණ්ඩායම් 300ක් සෑම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි නාමයෝජනා බාරදී ඇත.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක තේරීම්භාර නිලධාරින් හමුවේ ඊයේ (13) දහවල් 12.00 නාමයෝජනා පත්‍ර බාරගැනීම අවසන් කෙරෙණි. බාරදුන් නාමයෝජනා පත්‍රවලින් 36 නිසි පරිදි නීතියට අනුව සකස් නොකිරීමේ පදනම මත තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඒවායින් බොහෝමයක් ස්වාධීන කණ්ඩායමවල නාමයෝජනා පත්‍ර වේ. පාර්ලිමේන්තුව නියෝජය කළ හිටපු මැති ඇමැතිවරුන් බොහෝ ‍දෙනෙකුට මෙවර සිය පක්ෂවලින් නාමයෝජනා ලැබී තිබුණි.

වැඩිම අපේක්ෂකයන මෙවර තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය 792 කි.

යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණ අලිය ලකු‍ණෙන්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත කොළය ලකුණෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණෙන්ද යන පක්ෂ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක සඳහාම නාමයෝජනා බාරදී තිබිනි. වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයට වන අතර එම සංඛ්‍යාව 30 කි.

ජනාධිපති ධූරයෙන් පරාජයට පත් වු මහින්ද රාජපක්ෂ මහතා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරයි. විධායක ජනාධිපති ධුරය දැරූ අයකු පසුව පාර්ලිමේන්තුවට තරඟ කරන ප්‍රථම අවස්ථාව මෙය වේ. නාමයෝජනා බාරදුන් පසු ස්වාධීන කණ්ඩායම 03 ක නියෝජිතයින් රාජපක්ෂ මහතාගේ නාමයෝජනා වලට විරෝධය පළ කර ඇතත් තේරීම් භාර නිලධාරීයා ප්‍රතික්ෂේප කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා දෙමළ ජාතිකයින් පිරිසක් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍රයේ යම් යම් අඩු ලුහුඩු කම් සමන්විත වීම නිසා ප්‍රතික්ෂේප කෙරිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පක්ෂය සහ එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයක්ද, කළුතර දිස්ත්‍රික්කයේ නව සිහල උරුමය සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේත්, එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයක්ද, ගම්පහ දිස්ත්‍රිකයේ නව සිහළ උරුමයේ නාමයෝජනා පත්‍රයද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම 04 ක නාමයෝජනා පත්‍රද, බදුල්ල දිස්ත්‍රිකයේ ජනසෙත පෙරමුණේ සහ එක් ස්වාධින කණ්ඩායමක නාමයෝජනා පත්‍ර ද, මොනරාගල දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ නාමයෝජනා පත්‍රයද, පුත්තලම දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් 03 ක නාමයෝජනා පත්‍රද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයක්යේ කෑගල්ල දිස්ත්‍රික්ක එක් ස්වාධීන කණ්ඩායමක එක් නාමයෝජනා පත්‍රයක්ද, අම්පාර දිස්ත්‍රික්කයේ ඔක්කොම රජවරු ඔක්කෝම වැසියෝ පක්ෂයේ නාමයෝජනා පත්‍රයද,හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් නාමයෝජනා පත්‍රයක්ද, යාපනය දිස්ත්‍රක්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 02 ක් හා ස්වාධීන කණ්ඩායම් 06 ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබුණි.

මෙවර තරඟ තරඟ වදින අපේක්ෂකයින් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් මෙසේය.

කොළඹ 792, ගම්පහ 588, කළුතර 286, කුරුණෑගල 468, පුත්තලම 264, මොනරාගල 96, බදුල්ල 165, ගාල්ල 221, මාතර 187, හම්බන්තොට 170,අනුරාධපුර 242, පොළොන්නරුව 88, රත්නපුර 280, කෑගල්ල 228, නුවර එළිය 253, මහනුවර 360,මාතලේ 176, ත්‍රිකුණාමළය 147, මඩකලපුව 368, අම්පාර 310 , යාපනය 210,වන්නි 252

නුවරඑළියට සහ මාතර එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රවලට එල්ල වු විරෝධතා තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කෙරිනි.

dinamina

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us