රාජපක්ෂලා හොරු නෙමෙයි,අමානුෂික හොරු-නලීන් බණ්ඩාර

Published in පුවත්
Tuesday, 14 July 2015 13:08

රාජපක්ෂ රෙජිමය පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමෘද්ධි බැංකුවේ මුදල් පවා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හොරකම් කරන්නට තරම් අමානුෂික වී ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(14) පැවති හෙළිදරව්-15 මාධ්‍ය හමුව අමතමින්ය.

රාජපක්ෂලා දුප්පත් සමෘද්ධි ලාභීන්ගේ සල්ලි රුපියල් කෝටි 1500 ක් ජනාධිපතිවරණය වෙනුවෙන් හොරකම් කිරීමට සැලසුම් කළ බවත් එයින් කොටසක් හොරකම් කර ගත් ආකාරය හෙළිදරව්වූ බව නලීන් බණ්ඩාර පැවසුවේය.

දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස අලුත්වැඩියා කරන්න මුදල් ලබාදීම සදහා ක්‍රමවේදයක් සකස්කළ බවත් ඒ සදහා 2014 ඔක්තෝම්බර් 30 දා චක්‍රලේකයක් නිතුත් කළ තිබූණි. මේ ක්‍රමවේදය සදහා කිසිදු අනුමැතියක්ද ලබා නොගෙන නොතිබූ අතර මෙය රජපක්ෂවරුන්ගේ අත්තනෝමතික තීරණවල තවත් එක් පියවරක් ලෙස හදුන්වා දිය හැකිය.

මෙම මුදල් ලබා දීමට නම් දිවිනැගුම සහනාධාරලාභීන්ගේ අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා නොවැම්බර් 09 වන විට ඔවුන්ට මුදල් ගෙවා අවසන්කළ යුතු වූයේය. මේ සියල්ල සිදු කිරීමට තිබුණේ දින 06 කි. කෝටි 1500 ත් දින හයකින් සුදුස්සන් තෝරා ලබා දීම කිසිසේත්ම කළ නොහැකි කාර්යයක් බව කාටවූවත් වැටහෙන්නකි.

මේ තත්වය මත ඔවුන් බොරු සංඛ්‍යාලේඛණ පෙන්වමින් මේ මුදල් තමන්ගේ අතටම ලබා ගත් අතර කෝටි 1500 ම හොරකම් කළ නොහැකි වූ නිසා කෝටි 375 ක් හොරකම්කර ගත් බවත් පැවසුවේය. අඩුආදායම්ලාභීන් වන සමෘද්ධිලාභීන් අනාගතය වෙනුවෙන් අමාරුවෙන් ඉතිරිකර ගත් මුදල් වංචාසහගත ලෙස තමන්ගේ අතට ලබාගෙන ජනාධිපතිවරණයට වියදම් කිරීම සදහා ගෝනි පිටින් ගෙන ගිය අතර මෙය හොරකමක් නොව අමානුෂික හොරකමක් බව මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේ වූවත් රාජපක්ෂලාගේ හොරකම් මැරකම් වලට සීමා මායිම් නැති බව දැන් පසක්වී හමාරය දුප්පතාගේ මුදල් පසුම්බියටත් විදින්නට තරම්, ආබාධිතයින්ගේ අරමුදල් වලට විදින්නට කරම් රාජපක්ෂලා අමානුෂිකවූ බව නොරහසකි. අද දූෂණයෙන් තොර පාලනයක් බිහිකිරීමට කැපවෙනවා යනුවෙන් මහින්ද රාජපක්ෂ ජනතාව අමතයි.එම වදන් පවසන්නේද පන්සල්වලදී හෝ ආගමික උත්සව වලදීය.මං සුදනා කියන රාජපක්ෂගේ කෙරුවාවල් දැන් අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. මේ මොහොතේ රටට අවශ්‍ය මහත්මා දේශපාලනය කරන පිරිසිදු මහජන නියෝජිත පිරිසකි.

Last modified on Tuesday, 14 July 2015 13:14

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us