වෑගපිටිය නිසා ජනාධිපති - අගමැති ගැ‍ටුම් , සම්මුති ආණ්ඩුව පිපිරීමේ ලකුණු

Published in පුවත්
Sunday, 11 October 2015 10:24

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන ලාෆ් ගෑස් අධිපති වැගපිටිය මහතාව වහාම ඉන් ඉවත් කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ටෙලිකොම් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දීම නිසා ඒ ජනාධිපති හා අගමැතිවරයා අතර වන බරපතල ගැ‍ටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම හිතවත් ව්‍යාපාරිකයකු වන ඩබ්. එච්. කේ වෑගපිටිය මහතාව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබුවේ පසුගිය දින සීයයේ ආණ්ඩු කාලයේදීය. වෑගපිටිය මහතා පසුගිය රාජපක්ෂ රෙජීමයේද අතිශය සමීප ව්‍යාපරිකයකු ලෙස පෙනි සිටි අයෙකි.

ඒ කෙසේ නමුත් ටෙලිකොම් සභාපති ජනාධිපති සොහොයුරූ කුමාරසිංහ සිරිසේන මහතා විසින් වෑගපිටියව ඉවත් කිරීම කළ නොහැකි බව අගමැතිවරයාට දන්වා ඇත. ඉන් පසුව පසුගිය සිකුරාදා (09) ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන මලයාසියාවේ 'මැක්සීස්' ආයතනයේ සාමාජිකයන් කැඳවූ අගමැතිවරයා වෑගපිටියව ඉවත් කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට වෙනම දැනු දී ඇත. ටෙලිකොම් සමාගමේ කොටස් වලින් සියයට 45 අයත් වන්නේ සමාගමටය. සියයට 51 ක කොටස් මහා භාණ්ඩාගාරය සතුවෙයි.

මෙම හමුවෙන් පසුව කුමාරසිරි මහතා ඊයේ සවස ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය ‍රැස්කර මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමේදී මුළු අධ්‍යක්ෂ මණ්ඩලයම වැගපිටියව ඉවත් කළ යුතු බව කියා ඇත. එහෙත් කුමාරසිරි මහතා ඊට තදින විරුද්ධ වී ඇත්තේ මොනම හේතුවක් මත හෝ ඒ කිසිසේත්ම කළ නොහැකි බව පවසමිනි. වැගපිටියව ඉවත් කළ හොත් එය ආණ්ඩුව බිඳ වැටීමද හේතුවක් වන බවත් කුමාරසිරි මහතා මෙහිදි පවස තිබේ. තීරණයක් නොමැතිව මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම රාත්‍රී 12 පමණ වන තුරු ඇදී ගිය අතර අවසානයේදී විෂය භාර ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාවද ගෙන්වනු ලැබීය. ඉතා දුර බැහැර ප්‍රදේශයක සිට පැමිණ එම රාත්‍රියේදී ඔහු ඊට සහභාගී වූයේ ප්‍රශ්නය ඉතා බරපතල වූ බැවිනි.

හරීන් ප්‍රනාන්දු මහතාද වැගපිටියව ඉවත් කිරීම කළ යුතු බව පවසා ඇත. ඉන් පසුව නොවිසඳුන මෙම ගැටළුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපතිවරයා හා අගමැතිවරයාට බාර දිය යුතු බවට සියලු දෙනා එකඟව තිබේ. කෙසේ නමුත් වැගපිටිය මහතා ඉල්ලා අස්වනු ඇති බවත් වාර්තාවන අතර ඔහුට එරෙහිවද ටෙලිකොම් සමාගම සම්බන්ධ දූෂන චෝදනා එල්ල වී තිබේ.


ටෙලිකොම සමාගම අර්ධ රාජ්‍ය සමාගමක් වන අතර එහි කටයුතු සඳහා රාජ්‍යයේ මැදිහත්වීමේ සීමාවක් තිබේ. පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ මේ බහුලව සිදු වූ නමුත්  මලයාසියානු සමගම හා අනෙක් ගනු දෙනු නිසා එම අධ්‍යක්ෂ මන්ඩලය ටෙලිඔකොම් සමාගමේ මුදල් දෙපොල මහින්ද රජපක්ෂගේ මැතිවරන ව්‍යාපාරයට යෙදවීමද කර බාගෙන ඉවසා සිටියේය. එහෙත් මේවන විට ටෙලිකොම් සමාගම පාලනය කිරීම 'යහපාලන' රජයේ දේශපාලන තීන්දු තීරණ හෝ එහි නායකයන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් මත සිදුවීම නිසා මෙරට ආයෝජනය කර සිටින ඇතැම් විදේශ ව්‍යාපාරිකයන් පවා මේවන විට නොසන්සුන්ව සිටින බව වාර්තාවේ.

මේ අතර වංචා දූෂණ අක්‍රමිකතා ‍රැසක් සම්බන්ධයෙ චෝදනා එල්ල වී ඇති මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක රංජිත් රූබසිංහව ඉවත් කළ යුතු බවට එම සාමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීන්දුවටද කුමාරසිරි මහතා එක හෙළාම විරුද්ධ වී ඇත. එහෙත් අවසානයේ ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාස තුනක කාලයක් අවශ්‍ය බවත් එතෙක් ඔහුගේ වැඩ තාව කාලිකව අත් හි‍ටුවීමට සභාපතිවරයා එකඟ වූ බවත් වාර්තාවේ.

 

Last modified on Sunday, 11 October 2015 10:48

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us