පොලිසියේ කුඩු සෙල්ලම ලොකු කෙරුමන් බේරගන්න ද?

Published in පුවත්
Wednesday, 21 October 2015 15:09

මත්කුඩු ජාවාරම්කාර වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නැමැත්තිය බොරැල්ල ප‍්‍රදේශයේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා පොලීසියට අවසර දී තිබේ.

මෙම වැටලීමේදී මත්කුඩු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසා තිබිණි.

එහෙත් ඇයව අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය මඟින් කුඩු දමා බවට සැකයක් ඇතිව තිබේ.

ඉතා කුඩා ප්‍රමාණයකින් යුතු (හෙරොයින් මිලිග‍්‍රෑම් 111) කුඩු ප්‍රමාණයක් සහිතව ඇයව අත් අඩංගුවට ගැනීමට පොලීසියට හදිසි වැටලීමක් කරන්න තරම් මේ ඔත්තුව දුන්නේ පොලිස් ඔත්තුකරුවකුද යහපාලනයේ ලොක්කෙකුද යන්න ගැටළුවක්ද ඇතිව තිබේ. එමෙන්ම වෙළේ සුදාට මරණ දණ්ඩනය නියම කළේ මෑත කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදන අනුව නොවේ. 2008 වසරේදී කුඩු ග්‍රෑම් 7 ක් ලඟ තබා ගැනීමේ වරදටය. එහෙත් පොලීසියට කෙදිනකවත් කුඩු සමඟ වෙළේ සුදාව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව තතු දත්තෝ පවසති.

මහා පරිමාන කුඩු ජාවාරමට සම්බන්ධ නම් ලැයිස්තුවක්ම වෙලේ සුදා හෙළි කර තිබුණද ඒ කිසිවකුටවත් එරෙහිව නිතිය ක්‍රියාත්ම වූයේ නැත. දැන් වෙලේ සුදාගේ පවුලේ ඈයෝ අත් අඩංගුවට ගෙන පොලීසිය පෙන්වන මේ සංදර්ශනයේ අරමුණදමේ ලොකු ලොකු ජාවාරම් කාරයෝ ටික බේරා ගැනීම මිස වෙනකක් නොවන බව පෙනෙන්නට තිබෙන ඇත්තය.

Last modified on Wednesday, 21 October 2015 15:12

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us