අලි පැටවුන් ජාවාරම හෙළිකළ නිලධාරියා දොට්ට

Published in පුවත්
Tuesday, 05 August 2014 12:11
වනාන්තරවලින් අල්ලා නීති විරෝධී ලෙස ලඟ තබා ගෙන සිටින හා 2009 වසරෙන් පසුව ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ලියාපදිංචි කළ අලි පැටවුන් පිළිබඳව පරීක්ෂා කර විගණන විමසුම් වාර්තාව සකස් කළ නියෝජ්‍ය විගණකාධිපති ඒ. එච්. එම්. එල්. අඹන්වල මහතා ව එම කාර්යයෙන් ඉවත් කර තිබේ. 
 
එම වාර්තාව 2014 ජූලි 22 වන දින විමසීම් අංක ටීඑම්/එල්/වජි/2013/විවි02 දරන ලිපිය මඟින් වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ දින 14ක් ඇතුළත මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇති නීරීක්ෂණයන්ට අදාළ කරුණු වලට අනුව ගනුලබන කි‍්‍රයාමාර්ග පිළිබඳව දැනුම්දීම සිදු කරන ලෙස ය.
  
අදාළ කරුණු දැක්වීම 2014 අගොස්තු මස 05 වන දිනට සිදු කළ යුතු වුව ද ඊට දිනකට ප‍්‍රථම 2014 අගෝස්තු මස 04 වන දින එම වාර්තාව සකස් කළ නිලධාරියා ව අදාළ කාර්යයෙන් ඉවත් කර තිබේ. මේ අනුව තහවුරු වන්නේ අලි පැටවුන් ජාවාරම රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වන නීති විරෝධී ජාවාරමක් ලෙස වර්තමානය වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ය.
 
විගණන විමසුම් වාර්තාවට අනුව මහෙස්ත‍්‍රාත්වරයකු වන තිළිණ ගමගේ මහතා, ජනාධිපති උපදේශකවරයකු වන හම්බන්තොට බර්ඞ් පාර්ක් හි හිමිකරු අජිත් ගාල්ලගේ මහතා, වනජීවී සංරක්ෂණ දෙපාරත්මේන්තුවේ හිටපු සත්ත්ව අඩවි ආරක්ෂකවරයකු හා වැටලීම් අංශ ප‍්‍රධානියකු ලෙස කටයුතු කළ වැඩ තහනමට ලක් වූ උපාලි පත්මසිරි මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් කූට හා ව්‍යාජ ලේඛන සකස් කර වනාන්තරයෙන් නීති විරෝධී ලෙස අල්ලා ගත් අලි පැටවුන් සඳහා ව්‍යාජ බලපත‍්‍ර සකස් කර ඇති බවට තහවුරු වී තිබේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතට හා පොදු දේපළ පනතට අනුව එම ක‍්‍රියා සියල්ල නීති විරෝධී බවට මෙම විගණන විමසුම් වාර්තාවෙන් තහවුරු කර ඇත.
 
මෙම විගණන විමසුම විනිවිදභාවයකින් යුතු ව, අපක්ෂපාතීව හා නිවැරදි ක‍්‍රමවේදයකට අනුව ලිපි ලේඛන සහ අදාළ නිලධාරීන්ගෙන් ලබා ගත් ප‍්‍රකාශ පාදක කරගෙන සකස් කර ඇති බව එය පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. ඒ හේතුවෙන් ම ඉදිරි කටයුතු වලට බාධා එල්ල කිරීම අරමුණු කර ගෙන අදාළ චෝදනාවන්ට ලක් වූ පුද්ගලයන් විසින් තම දේශපාලන බලය භාවිතා කරමින් අපක්ෂපාතීව කටයුතු කළ නියොජ්‍ය විගණකාධිපතිවරයාව එම කාර්යයෙන් ඉවත් කිරීම සිදු කර තිබේ. මෙය සැලසුම් සහගතව සිදු කළ ක‍්‍රියාවක් බව ඉතා ම පැහැදිලි කරුණකි.
 
අලි - ඇතුන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් හා ලංකාවේ නීතිය සැමට එක සමාන ව ක‍්‍රියාත්මක කළ යුතු බව අරමුණු කරගෙන සකස් කළ මෙම වාර්තාවට අනුව අදාළ චූදිතයක්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට ඒ තත්ත්වය අපක්ෂපාතීව අනාවරණය කළ නිලධාරියා ව අදාළ කාර්යයෙන් ඉවත් කිරීම පිළිබඳව රටේ අනාගත පරපුරෙහි යහපැවැත්ම පිළිබඳව සිතන හා ඒ වෙනුවෙන් කටයුතු කරන පරිසරවේදීන් වන අප කණගාටු වෙමු. 
 
වර්තමානය වන විට වාසස්ථාන අහිමි වන අලි - ඇතුන් මිනිසාගේ කෲර කි‍්‍රයාවන්ට ලක්ව වසරකට 250කට ආසන්න ප‍්‍රමාණයක් මිය යයි. ඒ අතරතුර අනාගත අලි - ඇත් ගහණයේ පැවැත්ම තීරණය කරන කුඩා අලි පැටවුන් මව් සතුන්ගෙන් වෙන් කර අල්ලා ගෘහාශ‍්‍රිත කිරීම සිදු කිරීමෙන් අප රටේ අලි - ඇතුන්ගේ ගහණය සීඝ‍්‍රයෙන් අඩු වී ඉතා කෙටි කාල සීමාවක් තුළ වීනයේ සිදු වූවාක් මෙන් ලංකාවෙන් ද එම සතුන් වඳ වී යාම සිදුවනු ඇත. 
 
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සියළුම අලි පැටවුන් ජාවාරම්කරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපති විසින් සකස් කළ විගණන විමසුමට අනුව ඉදිරි කටයුතු ක‍්‍රමවත්ව ක‍්‍රියාත්මක කරන ලෙසත් එ් සඳහා අදාළ නිලධාරීන්ට බලපෑමකින් තොරව යුක්ති සාධාරණව කටයුතු කිරීමේ පසුබිම සකස් කරන ලෙසත් අදාළ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.
 
සජීව චාමිකර, අධ්‍යක්ෂ, පරිසර සංරක්ෂණ භාරය
රවීන්ද්‍ර කාරියවසම්, ජාතික සංවිධායක, සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය
සුපුන් ළහිරු ප‍්‍රකාශ්, සභාපති, ජෛව විවිධත්ව අධ්‍යයන කවය
 
                                                       
Last modified on Tuesday, 05 August 2014 13:23

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us