යළි රාජපක්ෂලාව ශ්‍රිලනිපයට වද්දා නොගැනීමට දැඩි තින්දුවක්

Published in පුවත්
Tuesday, 22 November 2016 11:34

මහින්ද රාජපක්ෂ සහ එම හිතවාදින්ව නැවත ශ්‍රීලනීපය වෙත ඇඳා ගැනීම වෙනුවෙන් කළ සියලු රහසිගත සාකච්ඡා අත්හි‍ටුවීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වය වෙනුවෙන් කණ්ඩායම් කිහිපයම මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගොටාබය රාජපක්ෂ හා චමල් රාජපක්ෂ සමඟ වෙන වෙනම කළ සාක්ච්ඡා සියල්ලම මේ අනුව අවසන් කර දමා එම කණ්ඩායම ශ්‍රිලනිපයෙන් ඉවත් කර ශ්‍රිලනිපය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව ශක්තිමත් කිරීමට තීරණය වී තිබේ. එජාප විරෝධී කණ්ඩායමක් ලෙස 'ඒකාබද්ද විපක්ෂය' ලෙස ජනාධිපතිවරයාගේම අශීර්වාදය හා අනුමැතිය යටතේ මෙම කණ්ඩායම මෙතෙක් ක්‍රියාත්මක වුවත් මෙම පිරිස හුදු මෛත්‍රී විරෝධය මත පදනම්ව කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත් කර බලය තහවුරු කර ගැනීම සඳහා කුමන්ත්‍රණකාරීව කටයුතු කර ඇති බවත් මේවන විට හෙළිදරවී තිබේ.

එමෙන්ම ජි එල් පිරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ගොඩනඟා ගෙන ඇති පක්ෂය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත නව පක්ෂය බව ප්‍රකාශයට පත් වීම එම පාර්ශ්වය ශ්‍රිලනිපය දෙකඩ කිරීමට ගත් තීන්දුව ස්ථිර කිරීමක් බවත් පැහැදිලිය. මේ නිසා තව දුරටත් රාජපක්ෂ පාර්ශ්වය සමඟ සාකච්ඡා පැවැත්වීම වෙනුවට ඊට එරෙහිව ක්‍රියාත්මක වීම විය යුතු බවත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ කැමැත්ත වී තිබේ.

මේ අනුව ඉදිරියේදී ශ්‍රිලනිපය දෙකඩ කිරීම සඳහා රාජපක්ෂවරු ගත් ද්‍රෝහී ක්‍රියාමාර්ගය හෙලිදරව් කර ඔවුන්ව දේශපාලනිකව පරාජයට පත් කිරීමට දැඩි ක්‍රියා මාර්ග ගැනීමටද නියමිතය. එමෙන්ම යළි රාජපක්ෂලාව ශ්‍රිලනිපයට වද්දා නොගැනීමට දැඩි තින්දුවක් ගෙන ඇති අතර ශ්‍රිලනීපය තුල සිටිමින් රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණකාරී සැලසුම් සමඟ කටයුතු කරන සියලු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමටද ශ්‍රිලනිපය තීන්දු කර තිබේ.

මේ අතර ශ්‍රිලනිපය දෙකඩ කිරීම සඳහා එජාප නායකත්වය සූක්ෂම ලෙස ගෙන ගිය කටයුත්තට සහය දක්වා රාජපක්ෂවරු ශ්‍රිලනීපයෙන් ඉවත් කරවීම පහසු කරවිය යුතු බවටද ශ්‍රීලනිපයේ ජේෂ්ටයන් කිහිප දෙනෙකුම යොජනා කර තිබේ. රට පුරා කෙරුණු සමීකෂණයකින් තහවුරු වී ඇත්තේ රාජපක්ෂවරුන්ට නව පක්ෂයක් පිහි‍ටුවා ශ්‍රිලනිපයට අභියොග කිරීම හැකියාවක් නොමැති බවය. එජාපය සමඟ එක්වී රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයන් හී වාසිය ශ්‍රීලනිපයටද අත්පත් කර ගැනීම මෙන්ම එය වඩා නිවැරදී දිසාවට යොමු කිරීමට ශ්‍රිලනිපයේ සහය දැක්වීම මඟින් සාමාන්‍ය මහ ජනතාවගේ ආකර්ෂණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහසුවෙන් අත්පත් කර ගැනීමට පහසු හැකියාවක් තිබෙන බැවින් රාජපක්ෂවරුන්ගේ කැඩී වෙන්වීම ශ්‍රීලනීපයේ ඡන්ද පදනමට බරපතල හානියක් සිදු නොවන බවත් ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ මතය වී තිබේ.

මේ මොහොතේ රාජපක්ෂවාදීන්ව සිටින බහුතරගේ මතය වී ඇත්තේද ශ්‍රිලනීපය නොකඩා පක්ෂය තුල බලය අල්ලාගෙන දේශපාලනය කරනවා මිසක වෙනම පක්ෂයක් ගොඩනඟා ගැනීම මෝඩ තීරණයක් බවය. ඒ අනුව නව පක්ෂයට එම බහුතර පිරිස එක් නොවනුද ඇත. සිංහල බෞද්ධ ජාතිවාදී මතයක සිට කටයුතු කිරීම හා එල්ලව ඇති දුෂණ වංචා චෝදනා මත සාමාන්‍ය ජනතාවගේ ආකර්ෂණයක් නව පක්ෂය වෙත දිනා ගැනීමට නොහැකි බවත් යම ලෙසකින් ඉදිරි වසර කිහිපය තුලදී ආණ්ඩුව ක්‍රියත්මක කිරීමට නියමිත සංවර්ධන කටයුතු වැඩි ජන ආකර්ෂණයක් ලබා ගැනීමට සමත් වුවහොත් තත්වය තවත් අසීරුවනු ඇති බවත් මෙම පිරිස පෙන්වා දී තිබේ. එමෙන්ම මේවන විට අත්හි‍ටුවා හෝ මන්දගාමීව තිබෙන දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතුද සක්‍රීය වීම විය හැකි බවත් ඒ තමන්ගේ දේශපාලන ජීවිතයට බරපතල හානි ගෙන දිය හැකි බවත් එම පිරිස අවධාරණය කර ඇත.

මේ අනුව මහින්ද රාජපක්ෂ ඇතුලු එම සමිපතමයන් දැඩි දේශපාලන අර්බුදයකට මුහුන පා ඇත. මේ තත්වය මත මඟ සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී යන්නට සමාන තත්වයකට මේවන විට මහින්ද රාජපක්ෂ මහතා පත්ව සිටී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us