ගීතාගේ බඩල් ගේම් හෙළිවේ. මන්ත්‍රී ධුරය අහෝසියි

Published in පුවත්
Wednesday, 03 May 2017 10:52

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(3) ප්‍රකාශයට පත් කර ඇත.

ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සමක් විභාගයට ලක් කිරීම හේතුවෙන් මෙම නියෝගය ඉදිරිපත්කර තිබේ.

මෙරට නව මැතිවරණ නීතිය අනුව ද්විත්ව පුරවැසිබාවය හි අයෙකුට මෙරට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැක. කුමාරසිංහ මහත්මිය පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රථම ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය අහොසි කර ගැනීම සිදු නොකොට තිබිණි. පසුව ඒ ඉවත් කර ගැනීම සඳහා ඇය කටයුතු කරගෙන තිබුණ ද ඇය මෙරට නීතිය උල්ලංඝනය කරමින් මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සිදු කොට ඇත.

කෙසේ නමුත් කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අත් හි‍ටුවීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කිරීමෙන් පසුව එකසත් ජනතා නිදහස් සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් අපෙක්ෂක ලැයිස්තුව අනුව මීළඟට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ඇති අපේක්ෂකයා වන්නේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතාය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us