වර්ගවාදි පිස්සු බල්ලන්ට එරෙහිව කටයුතු කරන්න ආණ්ඩුව තීරණය කරයි

Published in පුවත්
Wednesday, 24 May 2017 16:44

ජන වර්ග අතර සමඟියට බාධාවන ආකාරයේ සිදුවීම් සඳහා වගකිය යුත්තන්ට එරෙහිව පවතින නීතිය ප්‍රකාරව කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා මෙන් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීමට ද අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය විය.

ඇතැම් පාර්ශවයන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් පිළිබඳව ද මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ලක් වී තිබේ.

ඉහත සඳහන් පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ එවැනි සිදුවීම් හා හැසිරීම් රටේ කිසිදු ප්‍රදේශයක යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහාය.


මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව චෝදනා කරති.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට රට පුරා විවිධ ප්‍රදේශවල මෙවැනි ප්‍රහාර සහ උසිගැන්වීම් 15ක් වත් සිදු වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

සංවිධාන ගණනාවක මෙහෙයවීමෙන් මෙම ප්‍රහාර දියත්වෙමින් තිබෙන බව ජාතික භාෂා සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් බීබීසී සිංහල සේවයට පසුගියදා පැවසීය.

මේ අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ කියා සිටියේ ජාතිය,ආගම කුමක් වුවත් රටේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවය.

"නීතිය කැඩුවොත් පොලිසියේ යුතුකමක් තිබෙනවා වහාම ක්‍රියා කරන්න ඒ පුද්ගලයන්ට එරෙහිව. කොයි ආගමක, කොයි ජාතියකට අයත් වුනත් කමක් නැහැ" යනුවෙන් අගමැතිවරයා කියා සිටියේ ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ අඟහරුවාදා (මැයි 23) පැවති උත්සවයක් අමතමිනි.


bbc

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us