ලේක්හවුස් සභාපති, මංගලට ඕනෑ විදිහට යන්න බෑ කියයි

Published in පුවත්
Friday, 23 June 2017 19:15

ලේක් හවුස් ආය්තනයේ සභාපති ඇමැති සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන්තිස්ස රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබුණද ඔහු ඉන් ඉවත් නොවෙන්නට තීරණය කර ඇති බව දැන ගැනීමට තිබේ. ජනමාධය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වීමෙන් අනතුරුව රජයේ මාධ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව එම ඉල්ලා අස්වීම් සිදුව තිබිණි.නමුත් රත්නායක මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ හේතුව නිසා ලේක්හවුස් ආයත්නය තුල ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අපේක්ෂා කරන වෙනස්කම් සිදු කිරීම හැකියාවක් නොමැති බව වාර්තා වේ. මංගල සමරවීර මහතා විසින් ලේක් හවුස් හී නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ.

විවිධ චෝදනාවන් කිහිපයකටම ලක්ව හා අකාර්යක්ෂමභාවය නිසා කාවන් රත්නායක මහතා හා එම අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් පසුගිය කාලයෙහි පැමිණිලි ගනනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට එම ආයතන සේවක සේවිකාවන් කටයුතු කර තිබුණු බවත් වාර්තා වී තිබු අතර ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සෙවීමට කමි‍ටුවක්ද පත් කර තිබිණි. එම කමි‍ටු වාර්තාවෙන්ද ආයතනයේ දෝෂ ගනනාවක් හඳුනාගෙන තිබිනි. ඒ අනුව සැක සහිත මුල්‍ය ගනු දෙනු කිහිපයක් සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් කිරීමට ජනාධිපති විමර්ශන අංශය සුදානමක සිටින බවද වාර්තාවේ.

කෙසේ නමුත් කාවන් රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලය තුල වන ඇන කොටා ගැනිම් හේතුවෙන් ඔවුන් මාස ගනනාවකින් ‍රැස්වී නැති බවත් රත්නායක මහතා විසින් හිතු මතේ තීන්දු ගෙන කටයුතු කරමින් සිටින් බවත් ලෙක්හවුස් සේවකයන් පෙන්වා දෙයි.

මේ වන විටත් කාවන් රත්නායක විසින් තමන්ට හිතවත් පුද්ගලයන් රැසකට ආයතනය තුල උසස් වීම් ප්‍රදානය කරමින් සිටින බවද එම සේවක සේවිකාවන් සඳහන් කරයි. එහෙත් එහිදී නිසි සුදුසුකම් රහිත පුද්ගලයන් කිහිප දෙනෙකුටම නව තනතුරු ලබා දී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us