හිටපු බුද්ධි අංශ ලොක්කාට යුධ හමුදා මාණ්ඩලික තනතුර පිරිනැමේ

Published in පුවත්
Saturday, 22 July 2017 12:29

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් කේ.ඒ.ඩී අමල් කරුණාසේකර මහතා පත්කර ඇතැයි  මාධ්‍ය වාර්ථා කරයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාරගැනීමෙන් අනතුරුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර පුරප්පාඩුව පැවතියේය.

පසුගිය යුධ සමයේදී බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළ අතර එම කාල වකවානුවේදී බුද්ධි අංශ විසින් සිදු කර තිබූ දේශපාලන හා පෞද්ගලික පලිගැනීම් සම්බන්ධයෙන් ඔහුටද චෝදනා ‍රැසක් එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේතුව විමර්ශන පවත්වමින් තිබෙන අතර කරුණාසේකර මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමද මේ වන විට සිදුව තිබේ. මේ චෝදනා හේතුවෙන් පසුගිය කාලයෙහි කරුණාසේකර මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උත්සාහයක් දරමින් සිටි බවට මාධ්‍ය වාර්තා පලවී තිබිණි. කරුණාසේකර මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා සමීපව කටයුතු කළ නිලධාරියකු ලෙස ප්‍රකටය.

ඔහු මේ වන සපුගස්කන්ද ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිවරයා ලෙසද ඔහු සේවය කරයි.

කෙසේ නමුත් නව යුධ හමුදාපතිවරයා එම තනතුර බාර ගැනීමෙන් පසුව හමුදාවට එල්ල වී ඇති අපරාධ චෝදනා විමර්ශනය සම්බන්ධයෙන් සිය සහය ලබා දෙන ප්‍රකාශ කෙරුණු අතර ඒ ක්‍රියාත්මක වන්නෙ කෙලෙසකදැයි නුදුරේදී ඔහු විසින් පෙන්වා දිය යුතුවද තිබේ.

1981 වර්ෂයේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වන අමල් කරුණාසේකර මහතා 1984 වර්ෂයේදී දෙවන ලුතිනන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුව හා එක්විය.ඔහු 2018 මාර්තු මස 13 වන දිනට වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යෑමට නියමිතය. 

වෘත්තීමය හමුදා ක්ෂේත්‍රයේ වසර 36කට වැඩි කාලයක් දක්ෂතා පෙන්නුම්කර ඇති ඒ මහතා විදෙස් රටවල් රැසක උසස් අධ්‍යාපනය හදාරා තිබේ. සිදු කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් රණ වික්‍රම, රණශූර, විශේෂ සේවා සහ උත්තම සේවා යන පදක්කම්වලින් ද මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා පිදුම් ලබා තිබේ.

Last modified on Saturday, 22 July 2017 12:37

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us