මහින්ද සමඟ, බැසිල් විමල් සහ නාමල් තනිවෙන ලකුණු. Featured

Published in පුවත්
Thursday, 07 December 2017 10:58

එළඹෙන පළාත් පාලන මැතිවරණයත් සමඟ ජී එල් පීරිස් නායකත්වය දරන පොදු ජන පක්ෂයේ සාමාජිකයන් ලෙස මහින්ද රාජපක්ෂ සමඟ බැසිල් රාජපක්ෂ විමල් වීරවංශ හා නාමල් රාජපක්ශ පමණක් සාමාජිකයන් ලෙස ඉතුරු වනු ඇතැයි ඒකබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණද මේ වන විට සෝදාපාලුවට ලක්වෙමින් තිබේ.

ඊයේ (06) සවස ඒකාබද්ද විපක්ෂ නායකයන්ගේ රැස්වීමකදී දිනේෂ් ගුණවර්ධනද වෙන් වී යාමේ ආදීනව මහින්ද රාජපක්ෂ හමුවේ පවසා ඇත. කෙසේ වෙතත් මේ වන විට දිනේෂ් ගුණවර්ධන ශ්‍රීලනීපයේ මෛත්‍රීපිල හා සමඟි සන්ධානයකට එළඹ තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනම තරග කර විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බවට මුලින් විශ්වාස කළ ද බිම්මට්ටමේ සාමාජිකත්වය හරහා කළ සමීක්ෂණයකින් පැහැදිලි ව තිබෙන්නෙ..අඩුම තරමින් ඡන්ද දස ලක්ෂයක්වත් ඔවුන් වෙත නොලැබෙනු ඇති බවය..මේ තත්වය මත වෙනම තරග කිරීම සියදිවි හානි කර ගැනීමක් බව එම කණ්ඩායමේ ඇතැමුන් පෙන්වා දී ඇත්තත් යළි ආපසු හැරීමට නොහැකි බව බැසිල් හා නාමල්ගේ අදහස වී තිබේ..

ශ්‍රිලනිපය දෙකඩ කර ජයග්‍රහණයේ වාසිය එජාපයට රැගෙන දීම මිස වෙනකක් මෙමගින් නොවන බවට මේ වන විට ශ්‍රීලනිප පාක්ෂිකයා තේරුම් ගෙන තිබේ. ඒ අනුව එජාපයේ ජයග්‍රහණයත් සමඟ යළි රාජපක්ෂවරුන්ට ශ්‍රීලනීප වේදිකාවට ගොඩ වීමට ඇති අවස්ථාවන්ද අහිමි වනු ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us