මහින්දගේ ඉරණම තීන්දු කිරීම , ශ්‍රීලනීපය මෛත්‍රීට බාර කරයි Featured

Published in පුවත්
Tuesday, 26 December 2017 08:35

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි වන ආකාරයෙන් වෙනත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඕනෑම කෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන් වන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ බලය පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවැරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන ජනවාරි 2දා මැතිවරණ ප්‍රචාරක කටයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති ඊට තවත් ශ්‍රිලනිප සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධවීමට නියමිත බවත් වාර්තාවේ.

මේ අනුව මහින්ද රාජපක්ෂ ඇතුලු එම පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත් හි‍ටුවීමට නියමිතය. ශ්‍රීලනිපය දෙකඩ කඩා පක්ෂය දුර්වල කර එජාපයට වාසි සහගත ලෙස කටයුතු කිරීම ගැන මෙම පොහොට්‍ටු කණ්ඩායමට පක්ෂය තුලින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ.

ශ්‍රී ලනිප ව්‍යවස්ථාවේ 26-1, 26-2 සහ 26-3 වගන්තිවලට අනුව සෑම සාමාජිකයකුම පාක්ෂික වගකීම, විනය ආරක්ෂා කිරීමට බැඳී සිටින අතර ඒවාට විරුද්ධව කටයුතු කරන අයට ලැබෙන තොරතුරු අනුව විනය පරීක්ෂණ පැවැත්වේ.

මේ පිළිබඳව පක්ෂයේ සියලු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන් දැනුවත් කරමින් ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us