මෛත්‍රීව ‍රැකගැනීමේ මෙහෙයුමක් එජාපය දියත් කරයි ! Featured

Published in පුවත්
Wednesday, 31 January 2018 11:33

මෙවර පළාත්පාලන මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් රජයට සම්බන්ධ බුද්ධි අංශ විසින් සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බොහෝ දිස්ත්‍රික්කවල තුන්වන තැනටත් පහලට වැටී ඇති බව පෙන්නුම් කර තිබේ.

එසේම පොදු ජන පෙරමුණ සෑම දිස්ත්‍රික්කයකම ශ්‍රීලනිපය අභිබවා හෝ කරට කර සටනක් දෙනු ඇති බවත් එම සමීක්ෂණ අනුව වාර්තා වෙයි. යම් ලෙසකින් ශ්‍රීලනීපය , අභිබවා පොදුජන පෙරමුණ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගතහොත් ශ්‍රීලනීපය දේශපාලනික වශයෙන් අර්බුධයට යෑමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලනික පැවැත්මටත් බරපතල හානියක් ගෙන දෙන්නක් වේ. එසේම එම අර්බුධකාරීත්වය සමඟ සම්මුතික ආණ්ඩුවේ පැවැත්මද අහොසි වීම සිදුවනු ඇත.

මේ තත්වය මත මෙවර මැතිවරණයේ දී ශ්‍රීලනීපයට එජාපය අභිබවා යැමේ කිසිදු හැකියාවක් නොමැති නමුත් ශ්‍රීලනිපයේ පසු බැසීම වැලක්වීමට එජාපය මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා , එජාප ආණ්ඩුව ඉලක්ක කරමින් සිදුකරන ප්‍රකාශයන් සඳහා වැඩි ප්‍රචාරක අවස්ථාවන් එජාපයට හිතවත් මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය මඟින් ලබා දීමට කටයුතු කරමින් තිබේ. එජාපයට වැඩි ඇඟෑළුම් කමක් සහිතව පවත්වාගෙන යන රාජ්‍ය මාධ්‍යයන් හී හැසිරීම පසුගිය දින කිහිපයේ දී ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යයක් දක්වා වෙනස් වීම නිරීක්ෂණය කළ හැක.

ජනාධිපතිවරයාට ශ්‍රීලනීප පාක්ෂිකයන්ගේ විශ්වාසය පවත්වාගත හැක්කේ එජාපය විවේචනය කරමින් ඊට එරෙහිව කටයුතු කිරීම තුලය. මේ බව පසුගියදා ලක්ෂමන් කිරිඇල්ල ඇමැතිවරයාද පවසා තිබූ අතර ඡන්දෙන් පසූව යළි මෙම ආණ්ඩුව සුපුරුදු පරිදි යනු ඇති බවත් ඔහු පැවසීය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාද 2020 දක්වා මෙම ආණ්ඩුව ගැටලුවක් නොමැතිව ජනාධිපතිවරයාගේ සහයොගයෙන් පවත්වාගෙන යන බව පැවසීය.

Last modified on Wednesday, 31 January 2018 11:35

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us