ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි

Published in Gossip
Monday, 11 August 2014 12:37
අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.

කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.

මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක් මෙන් නමට ශක්තිය ලැබෙන ශක්තිජනක පානයක් මෙන් නොව සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකි. එය කෙඳී සහිතය. එනිසා දිරවීම පහසුය.

මෙනිසාවෙන්ම කෙසෙල් ලෝකයේ ප‍්‍රසිද්ධ ක්‍රීඩක කී‍්‍රඩිකාවන් අතර ජනපි‍්‍රය ආහාරයකි.නමුත් ශක්තියට අමතරව කෙසෙල්වලින් ලැබෙන ප‍්‍රතිලාභ බොහෝය

 

ආතතියට

මයින්ඩ් ආයතනය ආතතිය ඇති පුද්ගලයින් කණ්ඩායමක් ආශ‍්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණයක් අනුව ඔවුන් බොහෝ දෙනෙක් කෙසෙල් ගෙඩියක් කෑමෙන් තමන්ගේ මනසට සහනයක් දැනෙන්නේයැයි ප‍්‍රකාශ කර ඇත.මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ කෙසෙල් වල ඇති ප්‍රෝටීන විශේෂයක් වන ටි‍්‍රප්ටොෆන් ශරීරයේදී සෙරොටොනින් නම් සිත සැහැල්ලූ කිරීමේ හා ආතතිය දුරලීමේ සමත් සංයෝගයක් බවට පත්වීමයි.

තවත් කරුණක් වන්නේ කෙසෙල් වල ඇති විටමින් බී6 යි.විටමින් බී6 රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන අතර රුධිර ග්ලූකෝස් මට්ටම සිතේ ස්වභාවය කෙරෙහි බලපාන බව සොයාගෙන තිබේ. ආතතියට තවදුරටත් පෙති බීම අවැසි නොවේ.

ලේ හිඟකමට

යකඩ අධික නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නැංවිය හැකිය.එය ලේ හිඟවීමට ප‍්‍රතිකාරයකි.

තව කියවන්න

Last modified on Monday, 11 August 2014 12:57

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us