ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට අත්අඩංගුවේ පසුවන සියලූ ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට  උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් සිය ප‍්‍රශංසාව පළකර තිබේ. ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ රාමේෂ්වරම් ධීවර ප‍්‍රජාව විසින් ඉන්දීය ප‍්‍රාන්ත ආණ්ඩුවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවට ද සිය ප‍්‍රශංසාව පළකර ඇති බවයි.

මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයේ ජීව විද්‍යා ප‍්‍රශ්ණ පත‍්‍රයට පිළිතිරු ලියමින් සිටි සිසුවියකගේ පාදයක් ගැරඬියෙකු සපා කා තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්, කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබේ.

ලෝක ක‍්‍රිකට් වංශ කතාවට නොමැකෙන සටහන් එක්කළ ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය අවසන් ටෙස්ට් තරගයට අද සහභාගි වේ. ඒ, පාකිස්තානය සමග කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයටයි.

වයස අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන අවුරුදු 75ක් වන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොටවෙහෙර පොලීසිය කියයි.

බන්ධනාගාරගතව සිටින රැදවූවන්හට විෂ වෙදකම හා කැඩුම්බිදුම් වෙදකම් පිළිබඳව පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගැනේ.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණය පිළිබඳ තමන් වෙත අසත්‍ය චෝදනා කරමින් කළ අපහාසාත්මක ප්‍රකාශ නිසා සිදුවූ හානියට රුපියල් මිලියන 500ක් අලාභ වශයෙන් ගෙවන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඊයේ (13) සිය නීතිඥයන් මගින් නිර්මලා ද අල්විස් මහත්මිය වෙත එන්තරවාසියක් යවා තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් එහි සියලුම සාමාජිකයන් වෙත ලිපියක් යවනු ලැබ තිබියදී එය අභියෝගයට ලක් කරමින් එම ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් එහි තවත් සාමාජිකයන් කිහිප දෙනකුට යවනු ලැබ ඇති ලිපියක් හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ මේවන විට බරපතළ අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us