පුජ්‍ය වටරැක විජිත ස්වාමීන් වහන්සේ හදිසි ශල්‍යකර්මයක් සදහා අද (14 ) වැනිදා දහවල් හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඊශ‍්‍රායල ප‍්‍රහාර හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට මූල්‍ය සහනාධාර පිරිනැමීමට ශී‍්‍ර ලංකාව පියවර ගෙන ඇත.

ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය  අද (14) පෙරවරු 10.00 සිට සවස 4.00 දක්වා කොළඹ කලාභවනේ තැන්පත් කර තිබේ. 

තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගෙන ගිය වෘත්තීය කි‍්‍රයාමාර්ගයට බලධාරීන් යහපත් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රෝහල් කනිෂ්ඨ සේවකයෝ  සූදානම් වෙති. 
ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සදහා ජාතික හැඳුණුම්පත් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුණුම්පත් ලබාදීමේ ජංගම සේවාවේ පළමු අදියර 2014 අගෝස්තු 19 සිට 23 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ දී පැවැත්වේ.
ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි. කැෆේ සංවිධානය, පැෆ්රල් සංවිධානයසහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ  වහාම මැතිවරණ නිලධාරින්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අතවශ්‍ය සාධකයක් බවයි.

වහාම කොළඹ අපරාධ කොට්ඨාශයට ( CCD ) පැමිණ කටඋත්තරයක් ලබාදෙන්නැයි ඝාතනයට ලක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ වැන්දඹු බිරිය වන නිර්මලා ද අල්විස් මහත්මියට දැනුම්දීමක් ලැබී තිබේ.

බොරතෙල් ගබඩා සහ පිරිපහදු ඉන්ධන ගබඩා සියල්ලම පිරී තිබීම නිසා බොරතෙල් පිරිපහදු ඉන්ධන ගෙන්වීම සීමානොකිරීම නිසා  මෙරටට ගෙන්වූ නැව් වෙනුවෙන් කෝටි තිහකට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය පවසයි. 

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us