වයස අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන අවුරුදු 75ක් වන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොටවෙහෙර පොලීසිය කියයි.

බන්ධනාගාරගතව සිටින රැදවූවන්හට විෂ වෙදකම හා කැඩුම්බිදුම් වෙදකම් පිළිබඳව පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගැනේ.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණය පිළිබඳ තමන් වෙත අසත්‍ය චෝදනා කරමින් කළ අපහාසාත්මක ප්‍රකාශ නිසා සිදුවූ හානියට රුපියල් මිලියන 500ක් අලාභ වශයෙන් ගෙවන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඊයේ (13) සිය නීතිඥයන් මගින් නිර්මලා ද අල්විස් මහත්මිය වෙත එන්තරවාසියක් යවා තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් එහි සියලුම සාමාජිකයන් වෙත ලිපියක් යවනු ලැබ තිබියදී එය අභියෝගයට ලක් කරමින් එම ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් එහි තවත් සාමාජිකයන් කිහිප දෙනකුට යවනු ලැබ ඇති ලිපියක් හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ මේවන විට බරපතළ අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රූපලාවන්‍ය සැත්කමක් කරගැනීමට ගොස් එන්නතක් ශරීරගත කරන විට මියගිය රිජ්වේ ළමා රෝහ‍ලේ වෛද්‍යවරිය එම සැත්කම කරගැනීමට ගිය රූපලාවන්‍ය සායනයට දේශපාලනඥයන්ද නළු නිළියන් ද පැමිණෙන බව අනාවරණය වී ඇතැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ බදාදා(13) මහනුවරට ගොස් බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කළහ.

එල්.ටී.ටී.ඊය සතුව තිබූ මුදල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වන පරීක්ෂණයේදී තමන් සාක්ෂි දීමට සූදානම් බවද මංගල සමරවීර මහතා පවසයි.

පිලිකා රෝගය නිසාවෙන් අද (13දා) උදෑසන දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු හෙට  (14)  සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us