සසින් හා ඉෂිනි රන් පදක්කම් ගෙනෙති

Published in ක්‍රීඩා
Sunday, 31 August 2014 18:35

තායිවානයේ තායිපේ නුවර පසුගිය 24 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වුණු 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ වයස 13 පහළ බාලක රන් පදක්කම අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසින් නිපුන් පියුමන්ත විසින්ද, වයස 15 පහළ බාලිකා රන් පදක්කම කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉෂිනි දිල්හාරා වික්‍රමසිංහ විසින්ද දින ගන්නා ලදී.

තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් එම්. සසින් නිපුන් පියුමන්තට හා ඉෂිනි දිල්හාරා වික්‍රමසිංහට චෙස් ෆිඩේ මාස්ටර් (FM) නිලනාම හිමිවූ අතර, ලංකාවේ ළාබාලතම හා අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් බිහිවූ ප්‍රථම ෆිඩේ මාස්ටර් වීමේ ගෞරවය එම්. සසින් නිපුන් පියුමන්තට හිමි විය.

හතළිස් දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමක් මේ තරගාවලියට සහභාගි වූ අතර, එහිදී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙක් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා දුන්හ.

    එම්.සසින් නිපුන් පියුමන්ත - (වයස 13 පහළ බාලක රන් පදක්කම/ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
    ඉෂිනි දිල්හාරා වික්‍රමසිංහ - (වයස 15 පහළ බාලිකා රන් පදක්කම කොළඹ මියුසියස් බාලිකා)
    අයි.එම්.පී.එස්. ගුණවර්ධන - (වයස 7 පහළ බාලිකා රිදී පදක්කම/ කුරුණෑගල මලියදේව බාලිකා විදුහල)
    ඒෂා පලී - (වයස 7 පහළ බාලිකා ලෝකඩ පදක්කම/ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහල)
    තෙවින් රනිඳු සිල්වා - (වයස 9 පහළ බාලක ලෝකඩ පදක්කම/  ගම්පහ සිරිකුරුස විද්‍යාලය)
    කසුන් විමලසුරිය - (වයස 17 පහළ බාලක ලෝකඩ පදක්කම/ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
    මෙත්මානි නෙළුනිකා - (වයස 17 පහළ බාලිකා ලෝකඩ පදක්කම/ නුගේගොඩ අනුලා දේවි බාලිකා විදුහල)

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us