මහේල ගෙන් ඉල්ලීමක් නෑ - සනත්

Published in ක්‍රීඩා
Thursday, 13 November 2014 08:47

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.

එසේ ඉල්ලීමක් ඉදිරිපත් වුවත්, මේ මොහොතේ කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ ඉන්දීය ශූරතාවලියේ ඉතිරි තරඟ දිනා ගැනීමට බවද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ, සිය ක්‍රීඩා ජීවිතයේ අවසාන භාගයේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන කර තිබෙන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේය.

"මට ආරම්භක පිතිකරු ස්ථානය දෙන්න කියල මම නොකළ එකම දේ තේරීම් කමිටුව ඉදිරියේ දන ගහල නොවැඳපු එක විතරයි," යනුවෙන් මහේල ජයවර්ධන 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවියට පවසා තිබුණි.


'විවෘත මනසකින්'


කෙසේ නමුත් කණ්ඩායමේ හිටපු නායකයා කිසිදිනෙක එවැනි ඉල්ලීමක් කොට නැති බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා, එබැවින් එවැන්නක් පිළිබඳව මෙතෙක් සිය අවධානයට ලක් වී නැති බව සංදේශයට පැවසීය.


"මම හිතන්නේ ඕව කථාකරන වෙලාවක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉස්සෙල්ල අපි ඉන්දියාවේ ටුවර් එක හරියට අන්තිම තරඟ දෙකවත් ජයග්‍රහණය කරලා එක ඉවර කරගන්න ඕනේ," යනුවෙන්ද සනත් ජයසූරිය සඳහන් කළේ බිබිසි සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

කණ්ඩායමේ බොහෝ වෙනස්කම් පිළිබඳව තේරීම් කමිටුව 'විවෘත මනසකින් යුතුව' නිරන්තරයෙන් සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

මෙවර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දස්කම් නොදැක්වීම පිළිබඳව 'කලබල නොවී' කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සංචාරයෙන්ද අත්දැකීම් උකහාගෙන කණ්ඩායම එළැඹෙන ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

හදිසියේම සංවිධානය කෙරුණු ඉන්දීය සංචාරය වෙනුවෙන් සූදානම් වීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොතිබුන බවට නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පළ කොට තිබූ අදහස් පිළිබඳව විමසූ අවස්ථාවේ සනත් ජයසූරිය කියා සිටියේ, එම ප්‍රකාශය සත්‍යයක් වුවත් කණ්ඩායම එය 'නිදහසට කාරණයක්' කරගත යුතු නැති බවයි.

ඉන්දීය සංචාරය හදිසියේ යොදා ගැනීම මගින් කණ්ඩායමට සාධනීය මෙන්ම නිශේධනීය බලපෑමක්ද ඇතිවිය හැකිය යන්න සිය මතය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us