සංගා පළමු තරගයෙන්ම ශතකයකට

Published in ක්‍රීඩා
Monday, 20 April 2015 14:27

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය සඳහා සරේ කණ්ඩායම නියෝජනය කරමින් එක්වූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මුහුණ දුන් පළමු තරගයෙන්ම ශතකයක් වාර්තා කළේය.

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය ආරම්භවූයේත් ඊයේ (19දා) ය. සංගා ග්ලැමෝගන් කණ්ඩායම එරෙහිව පැවැති තරගයේදී මෙම දක්ෂතාව දැක්වූ අතර දිනය අවසන් කරන විට ඔහු නොදැවී ලකුණු 112ක් රැස්කරගෙන සිටියේය.

ඊට අමතරව වෝෂෙස්ටර්ෂයර් කණ්ඩායම නියෝජනය කරන සචිත්‍ර සේනානායක පන්දු යැවීමෙන් කඩුලු දෙකක් දවා ගැනීමටත් සමත්විය. ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ සසෙක්ස් කණ්ඩායමට එරෙහිවය.

ඔවුන් දෙදෙනාට අමතරව තිලකරත්න ඩිල්ෂාන් ඩර්බිෂයර් කණ්ඩායමටත්, මහේල සසෙක්ස් කණ්ඩායමටත් ගිවිසුම්ගත වුවත් ඊයේ පැවැති තරග සඳහා ඔවුන් දෙදෙනා සහභාගී නොවීය.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us