බොක්සිං ඉතිහාසයේ පොහොසත්ම තරගය

Published in ක්‍රීඩා
Saturday, 02 May 2015 09:49

බොක්සිං ඉතිහාසයේ පොහොසත්ම තරගය
මේවෙදර්-පැකියාඕ
‘සියවසේ සටන’ අදයි
වර්නන් ගුණසේකර
අමෙරිකාවේ අපරාජිත ෆ්ලොයිඩ් මේවෙදර් හා පිලිපීනයේ ජාතික වීරයෙකු වන මැනී පැකියාඕ අතර ඩොලර් මිලියන හාරසියයේ ‘සියවසේ සටන’ අද (2) ලාස් වේගාස් නුවර එම්.ජී.එම්. හෝටලය ඇතුළත පිහිටි ග්‍රෑන්ඩ් ගාඩ්න් බොක්සිං වළල්ලේදී පැවැත්වෙයි.

වසර පහක් තිස්සේ කෙරුණු සාකච්ඡාවලින් පසුව පැවැත්වෙන මේ වෙල්ටර්වේට් සටන බොක්සිං ඉතිහාසයේ පොහොසත්ම තරගය ලෙස හැඳින්වෙයි. බොක්සිං ශිල්පයේ නිපුණතාව හා ආරක්ෂාකාරී සටන් ශෛලියක් කෙරෙහි විශ්වාසය තබා සිටින මේවෙදර් හා ආක්‍රමණශීලී සටන් කලාවේ හපන්කම් තුළින් පිලිපීනයේ ජීවමාන වීර ප්‍රතිමාවක් බවට පත්ව සිටින පැකියාඕ අතර මේ තරගයේදී ‘යුගයේ ශ්‍රේෂ්ඨතම සටන්කරුවා’ තීරණය වනු ඇතැයි බොක්සිං විශාරදයන්ගේ මතය වී තිබේ.

ලෝක බොක්සිං සංගමයේ හා ලෝක බොක්සිං කවුන්සලයේ වෙල්ටර්වේට් ශූරයා වන ෆ්ලොයිඩ් මේවෙදර් දහනව වසරක සිය වෘත්තීය ක්‍රීඩා දිවිය තුළ සහභාගි වූ තරග 47 ම ජයග්‍රහණය කර සිටී. මෙයින් තරග 26කදීම ඔහු විසින් ප්‍රතිවාදියා බිම හෙළා තිබේ. මේ ජයග්‍රහණ සමගින් මේවෙදර්, 1950 ගණන්වලදී අපරාජිත ලෝක හෙව්වේට් බොක්සිං ශූරයා ලෙස බොක්සිං වළල්ලෙන් සමුගත් රොකී මාසියානෝගේ 49–0 වාර්තාවට කිට්ටු වෙමින් සිටී. 38 හැවිරිදි මේවෙදර් මෙතෙක් බර පංති පහක කිරුළු 11ක් දිනා ගෙන සිටී. ඔහු පසුගියදා ජගත් බොක්සිං ප්‍රජාව කෝපයට පත් කරවමින් තමා මොහමඩ් අලි ට වඩා ශ්‍රේෂ්ඨයෙක් බව කියා සිටියේය.

ලෝක බොක්සිං සංවිධානයේ වෙල්ටර්වේට් ශූරයා බවට පත්ව සිටින 36 හැවිරිදි මැනී පැකියාඕ බර පංති හයක ලෝක ශූරයා වෙයි. පැකියාඕ ඔහුගේ වෘත්තීය බොක්සිං ක්‍රීඩා දිවිය ආරම්භ කළේ 1995 වසරේදීය.

එදා මෙදා තුර සහභාගි වූ තරග 64න් තරග 57ක් ඔහු ජයගෙන ඇත්තේ 38 වතාවකදී ප්‍රතිවාදියා බිම හෙළමිණි. ඔහු තරග 5කින් පරාජය වී සිටින අතර තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමාකර තිබේ.

තරගයේ ආදායම හා ලොව පුරා නරඹන්නන්ගේ ප්‍රමාණය අතින් මේ තරගය බොක්සිං වාර්තා බිඳ හෙලනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගයේ ආදායම ඩොලර් මිලියන 400 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ. මේවෙදර් ට වැඩි වාසි ගෙන දෙමින් තරගයේ මුදල් පසුම්බිය 60–40ක් ලෙසින් දෙකට බෙදෙයි. මේ අනුව මේවෙදර් ට ඩොලර් මිලියන 150ක්ද, පැකියාඕ ට ඩොලර් මිලියන 100ක්ද හිමිවනු ඇත.

ගෘසස්ථ ප්‍රචණ්ඩත්වයේ සිදුවීම්වලින් පිරුණු මේවෙදර්ගේ ජීවිත කතාව අඳුරු එකකි. පැකියාඕගේ කතාව වෙනස් ම එකකි.

සල්ලාල ජීවිතයෙන් මිදී ක්‍රිස්තියානි ආගම යළි වැළඳ ගෙන සිටින පැකියාඕ පිලිපීන ජනතාවගේ මහත් ආදරයට පාත්‍රව සිටින චරිතයකි. සංගීතයට හා බාස්කට්බෝල් ක්‍රීඩාවට ඇළුම් කරන ඔහු දෙවාරයක්ම කොන්ග්‍රස් සභිකයෙකුව සිටියේය. පැකියාඕ දිනෙක පිලිපීනයේ ජනාධිපති වනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළ කර සිටිති.

ෆ්ලොයිඩ් මේවෙදර් හා මැනී පැකියාඕගේ සටන් ක්‍රම අධ්‍යයනය කරන විට ඉස්මතු වන ප්‍රධාන පැති දෙකකි. ආරක්ෂාකාරී ක්‍රීඩාවක නිරත වෙමින් ලකුණු වැඩියෙන් රැස්කර ගෙන තරගය ජය ගැනීමට මේවෙදර් මාන බලයි. තරගයේ මුල සිටම ආක්‍රමණශීලීව ක්‍රීඩා කරමින් ප්‍රතිවාදියා බිම හෙළීම පැකියාඕගේ ඉලක්කයයි.

අද තරගයේ ජයග්‍රාහකයාට දියමන්ති ඔබ්බවන ලද අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා ලෝක බොක්සිං කවුන්සල පටියක් පිරිනැමෙනු ඇත.

“බොක්සිං ඉතිහාස පොතේ පිටු දැනටමත් අලංකාර කරමින් තිබෙන මේ අද්විතීය පොරය සඳහා වන මේ උත්කෘෂ්ට පටිය ලෝක බොක්සිං කවුන්සලය විසින් විශේෂයෙන් නිර්මාණය කළ එකකි” යැයි එම කවුන්සලය කියයි.

අද ලොව වැඩිම මුදලක් ගෙවනු ලබන ක්‍රීඩකයා මේවෙදර් ය. ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 295කි. ඔහුට සාපේක්ෂව දුප්පතෙකු වන පැකියාඕගේ වටිනාකම ඩොලර් මිලියන 110කි.

දෙදෙනාගේම ළමා ජීවිත කරදර ගොඩකි. මේවෙදර් මිචිගන්හි උපත ලැබුවේ බොක්සිං පවුලකටය. ඔහුගේ පියා මෙන්ම පුහුණුකරුද වන මේවෙදර් (ජ්‍යෙෂ්ඨ) වෙල්ටර්වේට් තරගකරුවෙකුව සිටියේය. රොජර් මාමණ්ඩිය ලෝක ශූරයෙකු විය.

මේවෙදර්ගේ මව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටියාය. මේවෙදර් (ජ්‍යෙෂ්ඨ) පුතු වඩාගෙන සිටි අවස්ථාවක සහෝදර මත්ද්‍රව්‍ය විකුණන්නෙකුගේ වෙඩි පහරකට ලක්විය.

හත් දෙනෙකුගෙන් යුත් පැකියාඕගේ පවුල ජීවත් වූයේ කාඩ්බෝඩ් කුටියකය. ඒ, පිලිපීනයේ සරන්ගානි නමැති දුප්පත් පළාතකය. එහෙන් මෙහෙන් ඇහිඳගෙන ආහාර සොයා ගත් ඔහු සමහර දිනවල කුස පුරවා ගත්තේ වතුර පානය කිරීමෙන් පමණි. වයස අවුරුදු 10දී පාසල හැර ගිය පැකියාඕ වයස අවුරුදු 15ක් තිබියදී සිය පියා විසින් තමාගේ බල්ලා මරා කෑමෙන් පසුව නිවසින් පළා ගියේය.

පැකියාඕ කලක් නිදා ගත්තේ මැනිලා නුවර වීදිවලය. එහෙත්, තම පවුල ජීවත් කරවීම සඳහා බොහෝ දුප්පත් ළමයින් මෙන් පැකියාඕද බොක්සිං ක්‍රීඩාවට පිවිසියේය. ඔහු මුලින්ම සටන් කළේ එක් තරගයකට ඩොලර් 2ක් වන පඩියකටය.

Boxing1

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us