ආසියානු පාසල් චෙස් තරගාවලියෙන් ලංකාව අටවැනි තැනට

Published in ක්‍රීඩා
Tuesday, 09 June 2015 10:26

ආසියාවේ රටවල් 19 ක සභාගීත්වයෙන් සිංගප්පුරුවේ පැවැති 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රීදි පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනූ ශ්‍රී ලංකාවට එහි 08 වැනි ස්ථානය හිමිව අැත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂන තිලකරත්න රීදි පදක්කමක්ද, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඒෂා ජලීල් ලෝකඩ පදක්කමද දිනා ගත්හ.

එමෙන්ම තවත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක් සිය වයස් කාණ්ඩවල ආසියාවේ හොඳම දස දෙනාට හිමි පදක්කම් දිනූහ.

රන් පදක්කම් 06ක්, රීදි පදක්කම් 04ක් එක් ලෝකඩ පදක්කමක් සමග පදක්කම් 11ක් දිනූ පිලිපීනයට තරගාවලියේ ප්‍රථම ස්ථානයද රන් පදක්කම් 05ක් සහ පදක්කම් 19 දිනූ ඉන්දියාවට දෙවැනි ස්ථානයත් හිමි විය.

රන් පදක්කම් 04ක් රීදි පදක්කම් 02ක්, ලෝකඩ පදක්කම් 04ක් සමග පදක්කම් 10ක් දිනූ මොන්ගෝලියාවට තෙවැනි ස්ථානය හිමිව අැත.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us