අපරාජිතයා පැරදෙයි !

Published in ක්‍රීඩා
Monday, 14 September 2015 14:40

බොක්සිං තරඟ හතළිස් නවයක් නොනවත්වා ජයග්‍රහණය කරමින් ක්‍රීඩක රොකී මාශියැනෝ තබා තිබූ ලෝක වාර්තාව සම කිරීමට ඇමරිකානු ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර් සමත් වෙයි.

ඇමරිකානු බොක්සිං ක්‍රීඩක අන්ද්‍රේ බර්ටෝ පරදා ෆ්ලොයිඩ් විසින් මෙම වාර්තාවට හිමිකම් කීවේය.

1977 පෙබරවාරි 24 වැනිදා උපන් මේවෙදර් වසර දහනවයක බොක්සිං දිවිය තුළ මෙම ජයග්‍රහනය ලබා ගැනීමට හැකි වූ අතර ඔහු එකිනෙකට වෙනස් බර පන්ති පහක් යටතේ තරඟකරයි.

මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කී රොකී Heavyweight බර පංතිය යටතේ පමණක් තරඟ කළ අතර වසර 08 ක් ඇතුලත නොකඩවා තරඟ 49ක් ජයග්‍රහනය කරමින් වාර්තා අතරට එක්විය.

එම ලෝක වාර්තාව සම කිරීමට මේවෙදර් ට වසර 19ක් ගතවිය.

කෙසේවෙතත් මාධ්‍ය අමතා මේවෙදර් මෙසේ කීවේය.

‘ක්‍රීඩාව තුළ සියලු ඉලක්ක මම ජය ගෙන තිබෙනවා. මගේ මේ වාර්තාව කඩන්න තරුණ බොක්සිං ක්‍රීඩකයන්ට සහාය ලබා දෙන්න දැන් කාලය ඇවිල්ලා. මගේ වාර්තා බිඳ හෙළනවා දකින්න මට අවශ්‍යයි’ යනුවෙන් මෙවෙදර් පවසා ඇත.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us