යහපාලනය බොරුවක් බව මහ පාර මැද ඔප්පුවුනා - අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය(video)

Published in Video
Wednesday, 01 April 2015 10:58

යහපාලනය නම් වූ බොරුව මහ පාර මැද ඔප්පුවූ බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඊයේ (31) පැවසුවේය.ඔහු මේ අදහස් දැක්වූයේ අධ්‍යාපනයේ නිදහස ඇති කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ සංවිධානය කල එම ශිෂ්‍ය පෙලපාලියට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ අවස්ථාවේය.

අධ්‍යාපනයේ නිදහස ඉල්ලූ සිසුන්ට අමානුෂිකව පහරදී බිම දාගෙන ඇදගෙන ගොස් අත්අඩංගුවට ගත් බවත් පැවසුවේය.වෙනසක් උදෙසා මහින්ද රාජපක්ෂ එළවා දමා බලයට ගෙන ආ නව රජයේ කිසිම වෙනසක් නැති බවත් රාජපක්ෂට වඩා වැඩි වේගයකින් සිරිසේන හා වික්‍රමසිංහ ශිෂ්‍ය මර්දනය අරඹා ඇති බවත් පැවසුවේය.

අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන තෙක් එම ස්ථානයේ රැදී සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියා සිටි අතර පසුව අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් නිදහස් කර එවන ලදී.
අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන්ට තද බල ලෙස පහරදී ඇති බවත් මාධ්‍යයට වොයිස් කට් නොදනෙ ලෙස තර්ජනය කළ බවත් පහරකෑමට ලක්වූ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රකාශ කළේය.


ඉදිරියේදී රජයට විරුද්ධව දැවැන්ත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ඔලුවක් ඇති සියලු දෙනා යහපාලනය නමින් ගෙන යන රැවටීම සහ බොරුව වටහා ගනු ඇති බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසා සිටියේය. වීඩියෝ පටය පහතින් නරඹන්න

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us