2024 වසර තුළ දී ආර්ථිකය සියයට 3කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝතනය කර තිබේ. පසුගියදා නිකුත් කළ වාර්ෂික ආර්ථික විවරණය 2023 හි මේ බව සඳහන් කර ඇත. ඒ අනුව,

''කාර්තු හයක් මුළුල්ලේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සංකෝචන වාර්තා කිරීමෙන් අනතුරුව ආර්ථිකය 2023 වසරේ දෙවන භාගයේ දී ධනාත්මක කාර්ය සාධනයක් වාර්තා කළ අතර, ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ අඩු උද්ධමනකාරී පරිසරයේ ප්‍රතිලාභ අඛණ්ඩව ආර්ථිකය වෙත ගලා යෑම හේතුවෙන් 2024 වසර තුළ දී ආර්ථිකය සියයට 3කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ..'' යනුවෙන් සදහන් කර ඇත.

කෙසේ නමුත් මීට මාස කිහිපයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබුණේ, 2023 වසරේ අවසන් කාර්තුවේදී 4.5 වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම මත 2024 වසරේ ආර්ථික වර්ධනය සියයට 2ක් දක්වා ඉහළට ගෙන ඒමට හැකි වනු ඇති බවය. නමුත් ඒ අපේක්ෂා ඉක්මවා යන ආර්ථික වර්ධනයක් මේ වන විට පෙන්වා ඇති බව මහ බැංකු වාර්ථාව අනුව පැහැදිලිය. මෙම වේගවත් වර්ධනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝ කතනයන් ද ඉක්මවා යාමකි. ඔවුන්ගේ වාර්ථා අනුව 2024 ආර්ථික වර්ධනය 1.5 කි. 2025 දී 2.6 කි. සියයට 3 ක වර්ධනයක් අත්පත් කරගන්නේ 2026 වසරේදී බව පුරෝකතනය කර තිබිණි.

මහ බැංකුව වැඩීදුරටත් මෙසේ සටහන් කරයි.

''..අපේක්ෂිත මට්ටමට වඩා වේගවත්ව සංචාරක අංශය යථා තත්ත්වයට පත්වීම මගින්, අනෙකුත් ආශ්‍රිත අංශ වෙත ද ධනාත්මක බලපෑම් ඇති කරමින්, නුදුරු කාලීන වර්ධන ප්‍රවණතාව සඳහා සහාය සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආනයන සීමා ඉවත් කිරිම, ණය පිරිවැය සහ අමු ද්‍රව්‍ය මිල අඩු වීම වැනි මෑත කාලීනව දක්නට ලැබුණු ධනාත්මක වර්ධනයන් හේතුවෙන් කර්මාන්ත අංශය ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහත සඳහන් කළ ප්‍රවණතා සහ පසුගිය කාලයේ දී ඉදිකිරීම් නවතා දැමූ රජයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මධ්‍යයේ, ඉදි කිරීම් අංශයේ යථා තත්ත්වයට පත්වීමක් එම අංශයේ ඉදිරි ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කෙරේ. කෘෂි අංශයේ වැඩි දියුණු වූ කාර්ය සාධනය පෙන්නුම් කරමින්, මෑතක දී අවසන් වුණු 2023/24 මහ කන්නය තුළ දී ප්‍රධාන බෝග ක්ෂේත්‍ර ධනාත්මක ඵලදාවක් වාර්තා කර ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දැනට පවතින දත්ත අනුව අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් බලපෑමක් ඇති නොවන්නේ නම් මෙම ධනාත්මක ප්‍රවණතාව වසරේ ඉතිරි කාල පරිච්ඡේදය තුළ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල සැලකිය යුතු මට්ටමේ ඉහළ යෑම සමාහාර ඉල්ලුම වර්ධනය සඳහා සහාය සපයනු ඇත. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ රාජ්‍ය මූල්‍ය අවකාශයෙහි අපේක්ෂිත වැඩි දියුණු වීම මගින් නුදුරු කාලීන වර්ධන ගමන් මග සඳහා සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ...''

කෙසේ නමුත් ඉදිරි මැතිවරණ මත සිදු විය හැකි අනතුර සහ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණයන් අඛන්ඩව ඉදිරියට ගෙන යෑමේ වැදගත් කමද අවධාරණය කර ඇත.

''..සාර්ව ආර්ථික ස්ථායිතාවය නැවත තහවුරු වී ඇති බව පෙනී ගිය ද, අපේක්ෂිත මැතිවරණ මධ්‍යයේ 2024 වසර තුළ ආර්ථිකයේ වර්ධනය සඳහා ප්‍රතිපත්තිවල නිශ්චිතතාව සහ අඛණ්ඩතාව ඉතා වැදගත් වේ. දේශීය සේවාවන් සඳහා, විශේෂයෙන් ම සංචාරක අංශය තුළින් වන විදේශ ඉල්ලුම අඛණ්ඩව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිත අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කාරි රටවල ඉහළ ගිය වර්ධන අපේක්ෂා මධ්‍යයේ අපනයන ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාවට නංවමින් පවතින ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ලැබීම ආරම්භ වීමත් සමඟ මැදි කාලීනව අපනයන සඳහා නව ඉල්ලුමක් නිර්මාණය වනු ඇත. ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යැම, නිසි කලට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම, සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යෑම සඳහා වන රජයේ කැපවීම මත ආර්ථිකයේ කෙටි කාලීන සහ මැදි කාලීන වර්ධන ප්‍රවණතාව රඳා පවතී.

විශේෂයෙන් ම රාජ්‍ය ව්‍යාපාර ව්‍යවසායයන්ට අදාළ ප්‍රතිසංස්කරණ ඇතුළු මෙම ප්‍රතිසංස්කරණ හරහා එම අංශය වෙත දැනට යොදවා ඇති සම්පත් මුදා ගෙන එම සම්පත් ඵලදායී අංශ වෙත යොමු කිරීම තුළින් දිගු කාලයක් මුළුල්ලේ අවශ්‍යතාවක්ව පැවති ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම ආර්ථිකයේ විභවතාව තවදුරටත් ශක්තිමත් වීම සඳහා සහාය ලබාදිය හැක.

කෙසේවෙතත්. ජනගහනය වයස්ගත වීමේ අහිතකර බලපෑම් මධ්‍යයේ, විශේෂයෙන් ම ඉහළ නිපුණතා සහිත වෘත්තිකයින් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් වේ."

 

WhatsApp Image 2024 04 29 at 12.25.41 bfbf4263

WhatsApp Image 2024 04 29 at 12.31.49 a646b1fa

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය පැවසීය.

මෙරට ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසයි.

පාකිස්තානය විසින් ලොකු ළූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ළූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

පාකිස්තානය විසින් ලොකු ළූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ළූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබේ.

පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Page 1 of 1369

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us