කවර හෝ සංවිධානයක රැස්වීමක් හෝ සාකච්ඡාවක් පැවැත්වෙන ස්ථානයකට බලහත්කාරයෙන් කවුරු කඩා වැදෙන්න ගියත් එය නීති විරෝධී කටයුත්තක් බවත් ඒ ගැන ශ්‍රී ලංකාවේ නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ අවධාරණය කර සිටියි. 

මරදාන, සමාජය සහ සාමයික සංවිධානයේ සාකච්ඡාවට භික්ෂූන් වහන්සේ ගොස් බාධා පැමිණවීම බරපතළ වරදක් බව  'බිබිසි සංදේශයට' පැවසූ ඇමතිවරයා,  පොලීසිය ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු බවද කියා සිටියේය. 


පොලීසිය මෙවැනි අවස්ථාවලදී විය යුතු ආකාරයට කටයුතු සිදු නොකිරීම ගැන දැනටමත් පැමිණිළි ලැබී තිබෙන බව ඔහු  ප්‍රකාශ කළේය

“ පොලීසිය අවහිර කරන්නන් ඉවත් කරනවා වෙනුවට එම අවහිරයට භාජනය වන්නන්ගේ ක්‍රියාකාරිත්වය නැවත්වීමට උත්සාහ කරනවා. පොලීසිය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ වගකීමට ප්‍රති විරුද්ධ දෙයක්,” ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

රජයේ වගකිවයුතු ඇමතිවරයකු හැටියට මෙවැනි තත්වයන් වැළැක්වීමට තමන් ගන්නා ක්‍රියා මාර්ග කවරේදැයි විමසූ විට, තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබුනහොත් නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට තම අදහස කියා යවන බවත් ඉන් ඔබ්බට යමක් කළ හැකි නම් එය ඉටු කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.


විදෙස් තානාපති නිලධාරීන් සීමාව ඉක්මවලා :


විදෙස් තානාපති නිලධාරීන් ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වීම වරදක් නොවන බව පවසන ජාතික භාෂා සහ ජනවාර්ගික කටයුතු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, ඔවුනට මේ රටේ කටයුතු කිරීමේදී සිදුවන දේ දැන ගැනීමටත් රටේ පවතින ස්වභාවයන් හඳුනා ගැනීමටත් අවශ්‍ය බව ප්‍රකාශ කරයි.

එහෙත් ඔවුන් ඒ සීමාව ඉක්මවා ගොස් එම සමාජ සංවිධානවල පංගු කරුවන් වනවා නම් එවිට එය මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක් ලෙස සැලකිය හැකි බව ඔහු කියා සිටියේය.

“ ලංකාවේ විශේෂ වූ ජන කොටසක් හෝ විශේෂ වූ භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම නොවිය යුතුයි කියල කියනවට වඩා පොදුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය හෝ සමාජ මැදිහත්වීම් තුළ ඔවුන් නොසිටිය යුතුයි,” ඇමතිවරයා සඳහන් කළේය.

සුළු ජාතික ජන කොටසක් මුල් කර ගෙන නොව, යම්කිසි ආකාරයකට මෙරට පෙළ ගැසෙන දේශපාලන බලවේගයක් සම්බන්ධයෙන් වුවත් ඔවුන් යම්කිසි දායකත්වයක් දෙන්නට උත්සාහ දැරුවොත් එයත් වැරදි බව  ඔහු පැවසුවේය. 

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ක් නුවර පිහිටි නෙල්සන් මැන්ඩෙලා චතුරස්‍රයේ පිහිටුවා ඇති නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිමාව අසල නැවතුණ එක් කාන්තාවක එම පිළිරුව වටේ කැරැකි, කීසිම අපහසුවකින් තොරව සිය ඇඳුම් ගලවා දමා එම රූපය වැලඳ ගන්නා අයුරු දුටු පාරේ ගමන් කරන්නෝ නොදැක්කා සේ ගමන් කළෝය. 


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත්වීමට කැමැති හමුදා සෙබළුන්ට හිතාමතා සේවයට වාර්තා නොකර නොසිට හමුදා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඔස්සේ හමුදාවට දැනුම් දී ඉවත් වීමට අවස්ථාව සලසා දී තිබේ.

සෞන්දර්ය විශ්ව විද්‍යලයට සිසුන් බඳවා ගැනීමේදී සිදුවූ අධ්‍යයන අංශ ගැටළුවට   නිරාකරණය කරන ලෙස බල කරමින් සෞන්දර්ය විශ්ව විද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ(06) උද්ඝෝෂණයක් පැවැත්වීය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා බැංකොක් නුවර පැවැත්වෙන ආසියා ෆැසිපික් තිරසාර සංවර්ධන හා මූල්‍ය සංවර්ධන පිළිබඳ එක්සත් ජාතින්ගේ ආසියා ෆැසිපින් සමාජ ආර්ථික කොමිෂමේ 70 වෙනි (යු‍නෙස්කැප්) සැසියට සහභාගිවේ. 

මෙම සමුළුව අගොස්තු 7, 8, 9 තෙදින බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මෙම සමුළුවේදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය අමුණුගම මහතා දේශනයක් ද පවත්වයි.

ආචාර්ය සරත් අමුණුගම මහතා සමග දකුණු පළාත් සභා මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියද  ඊයේ (06) අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා පිටත්විය. 

නියමිත වසරේදී අයෑදුම්පතක්‌ ඉදිරිපත් නොකළ ශිෂ්‍යාවක දේශපාලන බලපෑම් මත රුහුණ විශ්වවිද්‍යාලයීය කලා පීඨයට ඇතුළත් කිරීමට විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මුස්ලිම් ජනතාවට විරුද්ධව අගෝස්තු 10 වැනිදායින් පසුව නැවතත් ප්‍රශ්න ඇති කිරීමට යම් පිරිසක් සූදානම් වන බවත් මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවත්වා ඇති බවත් සඳහන් කරමින් ජාතීන් අතර ගැටුමක් ඇති වන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ යැවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය පවසයි.

නාමයෝජනා භාරදීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පැවැත්වූ නීතිවිරෝධී පෙළපාලියක් වැළැක්වීමට පොලීසිය සමග ගිය සහකාර මැතිවරණ නිලධාරීන් දෙදෙනෙකුට එහි සිටි හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු බැන තර්ජනය කර ඇතැයි  'කැෆේ' සංවිධානය පවසයි.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us