විද්‍යෝදය විශිෂ්ටතම නවකතා සම්මානය ‘‘කුරුලු හදවත’’

Published in කලා
Wednesday, 03 September 2014 12:25

විද්‍යෝදය (ජ’පුර) විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන විද්‍යෝදය සාහිත්‍යය සම්මානෝත්සවයේ නව වන සම්මාන උළෙල සැප්තැම්බර් පළමුවන දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විනි.

මෙම සම්මාන උළෙලේ දී: 2013 වසරේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතාව, විශිෂ්ටතම ගේයකාව්‍ය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සහ විශිෂ්ටතම පුවත්පත් ලිපි සංග්‍රහය සඳහා සම්මාන පිරිනැමුණි.

 

විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය ‘‘කුරුලු හදවත’’ නවකතාවේ කර්තෘ ආචාර්ය ලියනගේ අමරකිර්ති මහතාට හිමිවිය. එම කෘතිය සුරස ප්‍රකාශනයකි.

 

විශිෂ්ටතම කෙටිකතාවට හිමි සම්මානය ‘‘කියනු මැන දිවි අරුත’’ කෘතියේ කර්තෘ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාට හිමිවිය. එය විසිදුනු ප්‍රකාශනයකි.

 

විශිෂ්ටතම පද්‍ය කාවයයට හිමි සම්මානය ‘‘මීළඟ මිවිත’’ කෘතියේ කර්තෘ රුවන් බන්දුජිව මහතාට හිමි විය. මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි.

 

විශිෂ්ටතම ගේයකාව්‍යට හිමි සම්මානය ‘‘ඉස්සර විදියට කොපර කොපර පිපිඤ්ඤා’’ කෘතියේ කර්තෘ අමරසේන කංකානම්ගේ මහතාට හිමිවිය. මෙම කෘතිය කිංකිණි ක්‍රියේෂන් ප්‍රකාශනයකි.

 

විශිෂ්ටතම පුවත්පත් තීරු ලිපියට හිමි සම්මානය මෙවර කෘති ද්විත්වයකට පිරිනැමුණි. ඒ ‘‘ජිවිතයේ ප්‍රබෝධය සහ මරණයේ අසිරිය’’ කෘතියේ කර්තෘ වික්ටර් අයිවන් මහතාට සහ ‘‘වගතුග’’ කෘතියේ කර්තෘ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතාට යි. ඒ මහතාට හිමි සම්මානය ලබාගත්තේ කෘතියේ ප්‍රකාශක සිරිසුමන ගොඩගේ මහතා විසිනි. ‘‘ජිවිතයේ ප්‍රබෝධය සහ මරණයේ අසිරිය’’ කෘතිය රාවය ප්‍රකාශනයකි.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us