‘ඔබ නැතුව ඔබත් එක්ක‘ පැරිසියේ

Published in කලා
Tuesday, 08 July 2014 09:18

ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගනයේ සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ සිනමා පටය ජුලි 13 වැනි ඉරුදින සවස 03ට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ රොට්රෙට් අංක 15හී පිහිටි මෙනිල්මොන්ටාන් රංගන ශාලාවේදි තිරගත වීමට නියමිතය.

එම සිනමා පටයේ 43 වැනි අන්තර් ජාතික ඉන්දීය සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානය හිමිකර ගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපායි.

අපරාධය හා දඩුවම ලොවට හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ රුසියා නව කතාකරු දොස්තොව්ස්කි සුප්‍රසිද්ධ නවකථා කරුගේ නිර්මාණයක්වූ ‘කීකරු යුවතිය ‘ නම් කථාවේ නිධානයෙන් නිර්මාණයවු මෙම කථා පුවතින් ස්ත්‍රියගේ ජීවන රටාව ප්‍රබලයා විසින් දුබලයා අක්‍රිය කිරීම , තේරුම් නොගැනීම ද පෙන්වයි.

ප්‍රංශයේ වෙසුල් අන්තර් ජාතික ආසියා සිනමා උළෙලේ හොඳම නිර්මානයට හිමි සික්ලො ඩෝර් සම්මානය හිමි මෙම කෘතිය ඊලඟ සති අන්තයේ පැරීසියේ රිදි තිරය ආලෝකමත් කිරීමට නියමිතය.

(පැරීසියේ සිට සුනිල් ආනන්ද)

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us