රසායනික පොහොර නැතුව බැරිය, කියන හරකුන්ට...! Featured

Monday, 05 July 2021 13:59

"කාබනික වගාවේ යෙදෙන රටවල් එසේ කරනුයේ සියයට දෙකකිනැයිද,
එවිට අප කෙසේනම් සියයට සියයක් එසේ වම්හුදැ?"යි
අයෙකුගේ පෝස්ටුවක් දිටිමි.

මෙම තර්කනය උදෙසා "එම දත්ත ලබා ගත්තේ කෙළෙසකදැ?"යි එහි නොකියවින.
"රසායනික පෙහොරින් තොර වගාව"හා
"කාබනික ගොවිතැන"කාරණා දෙකක් බව මෙහිදී පළමු කොට කිව යුතුය.
"කාබනික ගොවිතැන"නම් කාරණාවෙහිදී පැනෙන එක විෂයයක් පමණි,
"රසායනික පොහොරින් තොර වගාව"යන්න පළමු කොට කිව යුතුය.
ඇත්තම කතාව නම්,රසායනික පොහොර මෙන්ම කොම්පොස්ට්ද අපට වුවමනා නැත.
වුවමනා යළි මෙබිමේ "පාරිසරික ගොවිතැන" ස්ථාපනය කිරීමයි
මෙරට අප මෙම රසායනික පොහොර භාවිතාවට යොමු කරනු ලබනුයේ
මීටඅඩ සියවසක තරම් කෙටි කලක් තුළදීය.
එය "කෙටි කලක්"ලෙස සඳහන් කරන්නේ
ඉන් ඔබ වසර දහස් ගණනාවක් තිස්සේ කෘෂිකාර්මික රටක් හැටියට
අප "කාබනික ගොවිතැනෙහි"යෙදී ඇතිවා මතු නොව
එමඟින් අනභිභවනීය ප්‍රතිඵල අත්කරගෙන සිටි බැවිනි.!
"පෙරදිග ධාන්‍යාගාරය"යැයි විරුදාවලි ලැබූයේ ,
විදෙස් වලට පවා කන්නට දුන්නේ එම ක්‍රමය යටතේය.
වසවිසෙන් තොර එම වගාවෙන් අපව මුදවා
අප රසායනික ගොවිතැනට පෙළඹවීම වූ කළී
තනිකරම කුමන්ත්‍රණයකි.
අධිරාජ්‍යයවාදී රටවලද,
නව යටත් විජිතවාදයේ මෙහෙයුම් බලවේගය වන බහුජාතික සමාගම් මඟින්ද
කරන ලැබූ පැහැදිලි කුමන්ත්‍රණයකි එය.
ත්‍රිස්තු වර්ශ 77-79 අතර විසූ "ප්ලනි"නම් දාර්ශනිකයා විසින් ලියනු ලබන
"Nathural hitory"කෘතියේ කියවෙන පරිදි
"තැප්‍රොබේන් හි වැසියෝ අවුරුදු සියයක පරමා යුෂ විඳිති!"
එවක බටහිරයන්ගේ පරමායුෂය අවුරුදු හතළිහකි.
"http ;//www.hitorytoday .cim /harlow/oldaga-ancient -rome)
1660 සිට 1679 අතර මෙරට විසූ රොබට් නොක්ස්ට අනුව,
"ලක් වැසියෝ අවුරුදු අසූවක පරමායුෂ ඇත්තෝ ය.
කොතරම් මහලු වුවද ඔවුහු නිරෝග ශරීර ඇත්තාහුය"
(එදා හෙළදිව)
ඒවන විට බ්‍රිතාන්‍යයයන්ගේ පරමායුෂය 49 කි!
13 වන සියවසේ ධර්මසේන හිමියන් විසින්,රචනා කරන
සද්ධර්මරතනාවලියේ පතිපූජිකා වස්තුවට අනුව
මෙරට වැසියන්ගේ පරමායුෂය සියයකි!.
දැන් සමහර විට යමෙකු "පරමායුෂය" සහ "කාබනික ගොවිතැන" අතර
සම්බන්ධය කුමක්දැයි ඇසිය හැක.එය ඉතා ඍජු සම්බන්ධයකි.
සැළසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිපලයකි.
අද මෙයට එරෙහිවන ප්‍රධාන පුවාහයකි "දොස්තර වරු"!
එම හැඳින්වීමෙනිම කියවෙන පරිදි "දොස්-තර කරන මොවුහු මෙම රසායනික.ගොවිතැන හරහා සුපිරි ජීවිත ගත කරති.ධනය උපයති.
ඒවායින් කාබනික එළවළු පළතුරු කති.
"රසායනික නැතිව වගා කළ නොහැකි යැයි කියති.
.ඒ උන්ගෙ බඩ ගෝස්තරයට කෙළවෙන නිසාය.
"සියලු වාරිමාර්ග ක්‍රම විනාශ කරවා ඇත.
පලතුරු වලින් පිරැනු ගස් කපා දමා තිබේ.
මුළු පළාකම පාළු වී,ඇත."
1818 මෙරට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් යටත් විජිත ලේකම්ට වාර්තා කරයි!
මෙරට කෘෂිකර්මයට කෙළවන්නට අධිරාජ්‍යයවාදී රටවල් කලක් තිස්සේ පැහැදිලි
කුමන්ත්‍රණයක් දියත් කළහ.
එය කෙටි ලිපියකින් විස්තර කළ හැක්කක් නොවේ.
"කොම්පොස්ට් පොහොර භාවිතයෙන් වගා කළ නොහැකි යැයි දොඩවන අයට කිවයුතු ප්‍රධාන කරුණ නම් එදා අපේ ගොවිතැනේ "කොමිපොස්ට්"තිබුණේද නැත.!
කොම්පොස්ට් පවා උන්ගේය.
මෙරට වගාවට කොමිපොස්ට් වුවමනා වූයේද නැත!
අප වගා කලේ පාරිසරික නියාම දහමට අනුවය.
ඉර හඳ තාරකා අව්ව වැස්ස මහපොළවට අනුවය.
මහපොළව අඩි ගණන් හාරන්නට ,කොම්පොස්ට් පුරවන්නට අපට වුවමනා වූයේ නැත.
මහපොළව හාරා වගා කරන්නට වුවමනා වූයේ ඍතු හතර ක්‍රියාත්මක වන
හිමෙන් මහපොළව වසා ගන්නා බටහිර රටවලය.
ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් හිටියේ පොළව යටය.
අපි මහ පොළව කැන්නේ නැත.
අපේ මහපොළව සශ්‍රීක කළේ ක්ෂුද්‍ර ජීවීන් ය.
උන් හිටියේ පොළව මතු පිටය.
නව යටත් විජිත වාදය යටතේ අමරිකාවේ පොර්ඩ් හා රොකපෙලර් සමාගම් එක්ව දියත් කළ මෙම කුමන්ත්‍රයේදී පළමුවෙන් කෙළෙවුවේ මෙම මහ පොළවට ය.
ක්ෂුද්‍ර ජීවීන්ටය.
එදා අපේ මහපොළවට පොහොර දුන් මී ගස් කපා දැමමේ ඉංග්‍රීසිහුය.
වර්ග අක්කරේකට එක මීගහක් තිබුනාම ඒ පොළවට අමුතුවෙන් පෙහොර දමන්නට වුවමනා නැත.
මී ගස කොළපතනය .කිරීමේන්ද,වවලන් බෙටි දැමීමෙන් හා හප දැමීමෙන් වර්ග අක්කරයක් පොහොර කර දුන්හ.
අවුරුද්දකට සැරයක් වැවේ මඩ සොරොව්ව ඇරීමෙන්,අක්කර දහස් ගණනනක්
පොහොර කර ගතිමු.
බක් මහට ගහන අකුණු වලින් නයිට්‍රජන් ලැබෙන බව අප දැන සිටියෙමු.
පොර්ඩ් පදනමෙන් මහාචර්ය මූමා එවා අපේ ඩී.ඇස් .සේනානායකට
ට්‍රැක්ටරය පෙන්වූ කල
"කොයි මේකෙන් ගොම,මූත්‍රා වැටෙන තැනක් නෑනේ!"
ඩී.ඇස් ඇසුවේ උගත්කමට හෝ මෝඩකමට නොව පරමිපරාගත ඥාණයෙනි.
නමුත් පසුකාලීනව බලයට ආ "මීමලා"මූමලාට හසු වූහ..
මී හරකුන්ගේ කුරවලට පෑගී කුඹුර යට තැනුණු
ජලය, පොහොර මතු පිට රඳවා ගැනීමේ මඬ ස්ථරය ඉරා දැම්මෝය.
ස්වභාවික ක්‍රමෝපායන් හරහා පමණක් සාරවත් කර ගත් මහ පොළව
එයින් මුදවා රසායනික පෙහොර වපුරා මෙම මහපොළව මරා දැම්මාහුය.
කිසිදු රසායනයක් නොමැතිව වගා කළ පොළවට
1961 ⁣දී රසායනික පොහොර හොණ්ඩර 29041 ක් දැම්මවූහ.
1981 වන විට දී හොණ්ඩර 152200ක් දැම්ම වූහ.
ආණ්ඩුව වැඩේට බැස්සේ මෝඩ ආකාරයකින් බව කිව යුතු නැත.
නමුත් විය යුත්තේ එයයි.
ආපසු හැරෙන්නට දිය යුතු නැත.
"රසායනික පොහොර නැතුව බැරිය" යයි කියන හරකුනි!
ගොන් කතා නොකියා හිඳිනු මැන.
කෙරෝනාවට වඩා සිය දහස් ගුණයක්
රසායනික ගොවිතැන විනාශ කාරී ය.!

- කමල් පී අලහකෝන්

facebook සටහනකි.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us