'රනිල් මොකක් හරි කරයි' කිව්වා වගේම IMF කතා සාර්ථකයි.   Featured

Wednesday, 31 August 2022 13:53

මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින IMF නියෝජිත පිරිස මෙරටට විස්තීරණ ණය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්ථා වේ. දීර්ගකාලයක් මුළුල්ලේ පැවැති මෙම සාකච්ඡා සාර්ථක වීම මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදයයන් ජය ගැනීම වෙනුවෙන් වන වැදගත්ම සංධිස්ථානයක් වෙනු ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහාය ලබා ගැනීම සඳහා, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසයි.

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසන්නේ IMF පළමු වාරිකය මෙම වසර අවසන්වීමට පෙර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ලැබුණු පසුව බාහිර ණය හිමියන්ගෙන් මුල්‍ය සහතිකයක් ලබා ගැනීම විය යුතුය. එනම් සෙසු රටවල් සමඟ වන ණය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමකට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුව තිබේ. මේ වන විට ඒ සම්බන්ධයෙන් යම් ගැටළුකාරිත්වයක් තිබෙන්නේ චීනය සමඟ පමණක් බව වාර්ථා වේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයකු වන හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී පසුගියදා අදහස් දක්වා තිබුණේ චීනය මේ සම්බන්ධයෙන් සුබවාදී පිළිවෙතකට එළැඹෙනු ඇති බවය. මෑතකදී සැම්බියාව සම්බන්ධයෙන් චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟව තිබිණි. මේ අනුව ඒ ආදර්ශය මත චීනයේ සහය මෙරටට කැබීමේ විශාල ඉඩ කඩක් තිබේ. කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනය සමඟ සුහද ගනුදෙනුවක නිරතවන්නකු බැවින් ඔහුට මේ සඳහා ඉහළ හැකියාවක් ඇති බවට මත පළවීද ඇත.

මුල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමම මෙරට ආර්ථිකය නිවැරදි මාවතකට අවතීර්ණ වී ඇති බවට දෙන සහතිකයක් ලෙස ජාත්‍යන්තරය පිළිගනී. ඒ් අනුව පසුගිය වසර දෙක තුන තුළදී මෙරටටට හිමි නොවූ ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ හැකියාව වර්ධනය වෙනු ඇත.

පසුගිය ගෝඨාභය පාලන සමයේදී ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් අවශ්‍ය සහය ලබා ගන්නා ලෙස එවකට විපක්ෂය නි‌යෝජනය කළ රනිල් වික්‍රමසිංහ, හර්ෂ දි සිල්වා වැනි මන්ත්‍රී වරුන් මෙන්ම ආර්ථික විශේෂඥයන් දිගින් දිගටම පෙන්වා දුන් නමුදු ඒ පිළිගැනීමකට ලක්වූයේ නැත.

එහෙත් අර්බුදයේ කරවටක් ගිලී ගිය විට මුල්‍ය අරමුදල වෙත යෑමට හිටපු ජනාධිපති ගෝඨාභය තනි තීන්දුවක් ගෙන තිබිණි. ඒ සඳහා අවශ්‍ය උපරිම සහය හෝ ඔහුගේ සොහොයුරු එවකට හිටපු බැසිල් රාජපක්ෂගෙන්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් හෝ පොහොට්ටු කණ්ඩායමෙන් ලැබී නොතිබිණි. එයට හේතු වූයේ ඔවුන් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට හෝ එලැඹීමට තිබුණු නොහැකියාව නිසාය.

කෙසේ නමුත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමත්, මහබැංකු අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ පත්වීමත් ආර්ථික උපදේශකයන් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, එස්. සමරතුංග ආදීන් එක් වීමත් සමඟ මේ කටයුත්ත කඩිනම් කෙරිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුගේ ප්‍රමුඛ කටයුත්ත වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමය. අද එය සාර්ථක කර ගැනීමට ඔහු ඇතුළු නිලධාරීන්ට හැකිව තිබේ. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය වැඩ පිළිවෙක නිවැරදි දිශාවකට යොමු කිරීම මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම වෙනුවෙන් මූලික කටයුත්ත වූ අතර දෙවැනි කාරණාව වූයේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීමය. මේ වන විට ඒ තත්වයන්ද සාර්ථකත්වයට පත්ව ඇති අතර නුදුරේම නව පක්ෂ විපක්ෂ කොටස් එකතුකර ගත් නව ආණ්ඩුවක් ස්ථාපිත කෙරෙනු ඇත.

එසේම විපක්ෂයේම සිට කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම් පවා නව ආර්ථික ප්‍රතිසංස්කරණය වැඩ පිළිවෙලට සෘජුව එරෙහි නොවන ස්ථාවරයකට පිවිසෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කොහොම නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව පුරවැසි ජනතාවට ලැබී තිබේ.

ඒ අනුව රටේ බහුතර ජනතාව ජනාධිපතිවරයා ලෙස 'රනිල් මොකක් හරි කරයි' යනුවෙන් තබා තිබු විශ්වාසය අද යථාවක් වෙමින් තිබෙන බව කුහකකමින් තොරව පිළිගැනීම කළ යුතුව තිබේ.

Last modified on Wednesday, 31 August 2022 14:08

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us