පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට සබලකෘත සහල් ! Featured

Thursday, 12 October 2023 17:39

පාසල් දරුවන්ට නිසි පෝෂණය නොලැබීම නිසා ඇතිවන ඌන පෝෂණ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සබලකෘත සහල් දිවා ආහාර වේලට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර වැඩසටහන සහයෝගය පළ කර ඇත.

මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (11) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ ලෝක ආහාර වැඩසටහනේ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

මෙම වැඩපිළිවෙල යටතේ පාසල් දරුවන්ට පෝෂණය සඳහා අවශ්‍ය යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කර සබලකෘත සහල් නිෂ්පාදනය කරයි. දේශීය සහල්වලට 1%ක් සබලකෘත සහල් මිශ්‍ර කිරීම ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කලන්කුට්ටිය සහල් සැකසීමේ මධ්‍යස්ථානයේදී සිදු කරනු ලබයි. මෙම වැඩපිළිවෙල අනුව පාසල් ළමුන් මිලියන 1.5කට සබලකෘත සහල් සහිත ආහාර වේලක් ලබා දෙන අතර, එම කටයුතු සඳහා ලෝක ආහාර වැඩසටහන විසින්‍ ඩොලර් මිලියන 02ක මුදලක් ලබා දීමට නියමිතය.

එම වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයක් අනුව සබලකෘත සහල් ආහාර වේලට එකතු කිරීම මඟින් ඌන පෝෂණ තත්ත්වය 9%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව සනාථ විය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය සහල් සැකසීමේදී වර්තමානයේදී සහල්වල පෝෂණ කොටස් ඉවත් වන බවත්, බොහෝ විට ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව තිබෙන්නේ පෝෂ්‍යදායී කොටස්වලින් තොර සහල් බවත් ප්‍රකාශ කළේය. බොහෝ විට සහල් සැකසීමේදී විටමින් B සහ විටමින් B12 බහුලව අඩංගු නිවුඩ්ඩ ඉවත් කරනු ලබයි. එම නිවුඩු කොටස් සත්ව ආහාර වශයෙන් යොදා ගන්නා අතර, සතුන්ට ලැබෙන ප්‍රයෝජනය මිනිසුන්ට නොලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එම නිසා මෙම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යතුමා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය. රජය විසින් දිවා ආහාරයට වෙන් කර ඇති මුදලින් සහල් සඳහා වන මුදල් ප්‍රමාණය ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත Mr. Peiman Milani (Director Food Initiative FAO), වෛද්‍ය කළණ පීරිස් (වැඩසටහන් සහ ප්‍රතිපත්ති නිලධාරී – පෝෂණ, ලෝක ආහාර වැඩසටහන) සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව සබලකෘත සහල් සැකසීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි නියාමන ව්‍යාපෘතිය අනුරාධපුර, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us