ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි පණිවුඩයක් ! Featured

Friday, 13 October 2023 15:18

උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කළයුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් කර ඇත.

ලෙබනනය සහ සිරියාවට ආසන්නයේ ඇති නහරියා, අකෝ, හයිෆා, තිබෙරියා, නසරිත් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළඟ තබාගන්නා ලෙසත් ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.

කෙසේවෙතත් ඊශ්‍රායල් රජය විසින් ආරක්ෂක හමුදා එම ප්‍රදේශවෙත යොමුකර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව තානාපති කාර්යාලය පැවසීය.

මේ අතර ගාසා තීරයේ උතුරු ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දකුණු ප්‍රදේශ වෙත ඉවත්වීම සඳහා ඊශ්‍රායල රජය විසින් පැය 24ක කාලයක් ලබාදී ඇති අතර
ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි ඊශ්‍රායලය සිදු කර ඇති අනතුරු ඇඟවීම නොසලකා හරින ලෙස හමාස් සංවිධානය ජනතාව ගෙන් ඉල්ලීමක් කර තිබේ. එය ව්‍යාජ ප්‍රචාරණයක් බව හමාස් සංවිධානයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් එම නියෝගය නොසලකා හරින ලෙස හමාස් සංවිධානය උතුරු ගාසා තීරයේ වැසියන් ගෙන් ඉල්ලීමක් සිදු කරැති බව වාර්තා වේ.

හමාස් සංවිධානය තම සටන්කාමීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් සිටින බවට ජාත්‍යන්තර සංවිධාන චෝදනා කර ඇත.

මේ අතර. මිලියන 1.1ක් පමණ වන උතුරු ගාසා තීරයේ ජනතාවට ඉවත් වීමට ලබා දී තිබූ පැය 24ක කාලසීමාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට පාර්ශ්ව රැසක් ප්‍රකාශ කර තිබේ.

ලබා දී ඇති කාලසීමාවට අනුව පැයක් තුළ පුද්ගලයන් 40,000ක පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු නමුත් එය කිසිසේත් සිදු කළ නොහැක්කක් බව ඔවුන් පෙන්වා දී ඇත.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් ප්‍රහාර 5,000 ඉක්මවා එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වූයේ, පසුගිය සෙනසුරාදා දිනයේ දී ය.

එම ප්‍රහාරවලින් සහ ඊශ්‍රායලයට ඇතුළු වූ හමාස් සටන්කාමීන් සිදු කළ ප්‍රහාරවලින් ඝාතනයට ලක්වූ පිරිස 1,300කට අධිකය.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය වාර්තා අතරට එක් වූයේ, එරට ඉතිහාසයේ සිවිල් වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාර ලෙසයි.

මේ සමඟ ඊශ්‍රායල සිවිල් වැසියන් 150ක් පමණ හාමාස් සටන්කාමීන් ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්විය.

ඒ අනුව, යුද ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2,700 ඉක්මවා මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඊශ්‍රායලය ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති සුදු පොස්පරස් බෝම්බ ද ගාසා තීරය වෙත එල්ල කර තිබූ බවයි.

ඒ අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් අවතැන් වූ පලස්තීන වැසියන් ගණන ලක්ෂ0 4 ඉක්මවා ඇත.

එමෙන්ම ගැබිනි කාන්තාවන් 50,000කට පමණ පිරිසිදු ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගත නොහැකි තත්ත්වයක් උද්ගත ව ඇති බව වාර්තා වේ.

උතුරු ගාසා තීරයේ වාසය කරන මිලියන 1.1ක් වන පලස්තීන වැසියන්ට පැය 24ක් තුළ ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළ බව එක්සත් ජාතීන් ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

මේ අතර, ගාසා දේශසීමාවේ පිහිටි, ගාසා සටන්කාමීන් විසින් අත්පත් කර ගත් හමුදා කඳවුරක් නැවතත් සිය භාරයට ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.

එහි දී හමාස් සටන්කාමීන් 60 දෙනෙකු ඝාතනය කර ප්‍රණා ඇපකරුවන් 250ක් පමණ මුදා ගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය තවමත් අඛණ්ඩ ව ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටී.

සටන් ආරම්භ වූ සෙනසුරාදා සිට ඊශ්‍රායලය මේ වනවිට ගාසා තීරයට එල්ල කර ඇති බෝම්බ ප්‍රහාර ගණන 6,000කි.

එම ප්‍රහාරවලින් මියගිය පිරිස 1,400 ඉක්මවන බව සඳහන් වේ.

ඒ අතරට, සෞඛ්‍ය සේවකයන් 11ක්, කාන්තාවන් 248ක් සහ ළමුන් 447ක් අයත් බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, ඊයේ (12) ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු හමු වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින්, ඊශ්‍රායලයට සහාය දක්වන බව අවධාරණය කර තිබිණි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින්,

"මනුෂ්‍ය ජීවිතයට සහ අභිමානයට අපි ලබා දෙන වටිනාකම තමයි අපි කවුද කියන එක තීරණය කරන්නේ. එය තමයි අපේ ශක්තිය. හමාස් ප්‍රහාරවලින් මිය ගිය පිරිස අඛණ්ඩ ව ඉහළ යනවා. අපි ඊශ්‍රායලය සමඟ සිටිනවා. හමාස් සටන්කාමීන්ට තිබෙන්නේ එක ප්‍රතිපත්තියක් විතරයි. ඒ ඊශ්‍රායලය විනාශ කර යුදෙව්වන් ඝාතනය කිරීම."

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us