යුද්ධය දරුණු අතට ! වහාම සටන් විරාමයකට පැමිණෙනැයි ලෝකයාගෙන් ඉල්ලීම් ! Featured

Wednesday, 18 October 2023 13:21

ගසා තිරයේ අල් අහලි රෝහලට ඊයේ දින එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අල් අහලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 500 ආසන්න රෝගීන් පිරිසක් මරණයට පත්ව ඇත .

එසේම තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත ,.ගසා තිරයට එල්ල වන බෝම්බ ප්‍රහාර නිසාවෙන් දරුවන් හා කාන්තාවන් විශාල පිරිසක් ආරක්ෂාව සදහා ද රෝහල් භුමියේ රැදී සිට ඇති අතර ඔවුන්ද මෙම ගුවන් ප්‍රහාරයට ගොදුරු වී ඇත ..

මෙම ප්‍රහාරයෙන් පසුව දැඩි ලෙස ඊශ්‍රායෙල් විරෝධී ප්‍රකාශ නිකුත් වූ අතර ඊශ්‍රායෙල් පවසන්නේ තමන් මෙම ප්‍රහාරය සිදු නොකල බවත් එය ක්‍රියාත්මක ජිහාඩ් සංවිධානය විසින් එල්ල කර ඇති බවයි ..එහෙත් එම චෝදනාව එම ජිහාඩ් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ..

අද දින ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඊශ්‍රායෙල් හි සංචාරයක නිරතවීමට නියමිතය ,,ඉන්පසුව ඔහු ජෝර්දානයේදී ජෝර්දාන් රජු හා පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් හා ඊජිත්තු නායක එල් සිසි සමග සමුළුවක් පැවැත්වීමට නියමිතව සිටියත් පලස්තීන නායකයා රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එම සමුළුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇත ..එසේම ජෝර්දානයද ප්‍රකාශ කලේ තමන් එම සමුළුව අවලංගු කරන බවත් සමුළු පැවැත්වීමෙන් ඵලයක් නොමැති බවත් අවශ්‍ය වහාම සටන් විරාමයක් බවයි ..

එසේම ඇමරිකාවද නිවේදනය කරේ ඇමරිකන් ජනපති ජෝ බයිඩන් ගේ ජෝර්දාන් සංචාරය අවලංගු කල බවයි ..
ගසා තිරයේ අල් අහලි රෝහලට එල්ල වී ඇති බිහිසුණු ගුවන් ප්‍රහාරය ගැන තමන්ගේ විරෝධය පල කරන බවත් එම සිදුවීම් ඇසීමෙන් තමන් ඉමහත් කම්පනයට පත්වූ බවට එක්සති ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අන්තෝනියෝ ගුටරස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඉරාන විදේශ ඇමැතිවරයාද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම රෝහලට එල්ල වූ ප්‍රහාරය තමන් හෙලා දකින බවත් ඊශ්‍රායෙල් හි වත්මන් ක්‍රියා කලාපයට ලොවම එක් වී පරාජය කල යුතු බවයි .

ප්‍රහාරයෙන් පසුව ජෝර්දානයේ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයට අසලට එක්රොක් වූ විශාල ජනතාවක් තම විරෝධය පල කල අතර එසේම ලෙබනනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී ඇති ජනතාවක් තමන්ගේ විරෝධය පල කර ඇති අතර ඔවුන් පාලනය කිරීම සදහා ලෙබනන හමුදාවන් කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇත . රෝහලට එල්ල වූ ප්‍රහාරය සිරියානු නායකයා මෙන්ම ඊජිත්තු නායක එල් සිසි ද මෙම ප්‍රහාරය හෙලා දැක ඇත ..

මේ අතර ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ ඊයෙත් ගැටුම් වාර්තා වේ ..තත්වය උණුසුම් වෙමින් ගසා තිරයේ ඊශ්‍රායෙල් හා හමාස් සටන්කාමීන් එකිනෙකාට රොකට් ප්‍රහාර , ගුවන් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටින අතර ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ හිස්බුල්ලා සටන්කාමීන් හා ඊශ්‍රායෙල් හමුදාවන් අතර ඊයේ දිනත් ගැටුම් වාර්තා විය ..

දහවල් ලෙබනනයේ සිට හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායෙල් වෙත එල්ල කල යුධ ටැංකි නාශක ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලද අතර සවසත් තවත් යුධ ටනකි නාශක ප්‍රහාර තුනක් එල්ල වී ඇත ..
ඊශ්‍රායෙල් විසින් පෙරේදා දින වන විට ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ ආසන්න ගම්මාන 28 ක පිරිස් ආරක්‍ෂිත නවාතැන් පොළවල් හෝටල් වල පිහිටුවා රැගෙන ගිය අතර එසේම ජනතාවට අදාල කලාපයේ රැදී සිටීම තහනම් කර යුධ ටැංකි හා බර අවි සමග විශාල හමුදාවක් ස්ථානගත කර ඇත ..

දහවල් තමන්ට එල්ල වූ යුධ ටැංකි ප්‍රහාර වලට පිළිතුරක් ලෙස ඊයේ රාත්‍රියේ ඊශ්‍රායෙල් හමුදාවන් ලෙබනනයේ හිස්බුල්ලා ස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල කරමින් හිස්බුල්ලා සටන්කාමීන් පස් දෙනෙකු මරණයට පත් කර ඇත ..ස්ථාන කීපයක් විනාශ කර දැමීමට සමත් වී ඇත .
ඊශ්‍රයලය විසින් ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ තම කලාපයේ විශේෂ ගුවන් ආරක්‍ෂිත පද්ධතියක් ඊයේ දින වනවිට ස්ථානගත කිරීමට පියවර ගෙන තිබුණි .
ප්‍රංශ විදේශ ඇමැතිවරයාද පසුගිය දිනවල සංචාරය කරමින් ලෙබනන ජනපති භාරකාර අගමැති , කතානායක හා හමුදාපති පවා මුණගැසීමෙන් දන්වා සිටියේ ඊශ්‍රායෙල් හමාස් ගැටුමට මැදිහත් නොවෙන ලෙසයි ..එහෙත් ඔවුන්ට හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය සපුරා පාලනය කල නොහැකි වුවත් යම් පමණකින් බලපෑමක් එල්ල කල හැකි බව ඇමරිකාව , ප්‍රංශය වැනි බටහිර ජාතින් විශ්වාසය පල කරයි ..

ඊයේ දින තුර්කි විදේශ ඇමැතිවරයාද ලෙබනනයේ සංචරය කරමින් ලෙබනන් පාලකයින් මුණ ගැසුණු අතර ඔහුද පවසා සිටියේ තත්වය ගසා ඊශ්‍රායෙල් යුධ ගැටුම ව්‍යාප්ත නොවීමට තමන් සියල්ල සිදු කරනු බවයි ,,,
ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ තත්වය කෙමෙන් කෙමෙන් නරක තත්වයට පත්වෙමින් පවතින හෙයින් ලෙබනනයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස සිය රට වැසියන්ට දැනුම් දී ඇත ..

ඉරානය ඊශ්‍රායෙල් හමාස් යුධ ගැටුමට තමන්ට ඍජුව සම්බන්ධ විය නොහැකි නම් හිස්බුල්ලා සංවිධානය හරහා ලෙබනන් ඊශ්‍රායෙල් ගැටුමක් මෙන්ම සිරියාවේ ජිහාඩ් සංවිධාන හරහා තවත් යුධ කලාපයක් ඇරඹීමේ සුදානමක් ක්‍රියාත්මක කිරීමට උත්සහයක් දරන අතර දැනට ඇමරිකා හා බටහිර ජාතීන්ගේ දැඩි බලපෑම් හේතුවෙන් එම අරමුණ ව්‍යර්ථ වී ඇතත් කොයි මොහොතේ හෝ ඉරාන සැලසුම් ක්‍රියාත්මක වනු ඇත ..

එය ඊයේ දින ඊශ්‍රායෙල් එල්ල කල රෝහල් ප්‍රහාරය පදනම් ව හෝ නැතහොත් ඊශ්‍රායෙල් හමුදා ගොඩබිමෙන් ගසා තිරයට ඇතුල්වීමත් සමග යම් විශේෂ සිදුවීමක් අරභයා ක්‍රියාත්මක වේයැයි බොහෝ විචාරකයින් සැක පල කරයි.

-P.M

Last modified on Wednesday, 18 October 2023 13:23

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us