කාන්තාවන්ට එරෙහි වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සාහසික ප්‍රකාශ හෙලා දකිමු

Friday, 26 December 2014 09:26

කාන්තාවන්ට විරුද්ධව, කාන්තා හිංසනය වර්ධනය කරන රාජ්‍ය යාන්ත‍්‍රණයේ සිටින මැති ඇමතිවරුන්ගේ අශිෂ්ට හා හිංසාකාරි, සාහසික ප‍්‍රකාශයන් තරයේ හෙළා දකිමු.

උසස් අධ්‍යාපනය වැනි වගකීමක් දරන ඇමතිවරයෙක් වන එස්.බී. දිසානායක මහතා විසින් 2014 දෙසැම්බර් මස ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුස්වීමකදි ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සම්බන්ධයෙන් කරන ලද අප‍්‍රියජනක හා සාහසික ප‍්‍රකාශය මේ රටේ 52% වන බහුතරය ජනගහනය වන පොදු සමස්ත කාන්තා ප‍්‍රජාව වන අපි විසින් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

උසස් අධ්‍යාපනය වැනි තනතුරුක් දරන ඇමතිවරයෙකු ආදර්ශමත්ව, රටක අනාගත පරම්පරාවට මඟ පෙන්විය යුතු ආකාරයෙන් හැසිරිය යුතු වුවත්, උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් ඉතාම නින්දිත, ග‍්‍රාම්‍ය හා අශ්ලීල වචන භාවිතා කරමින් රටේ හිටපු ජනාධිපතිණියට විරුද්ධව හිංසනාත්මක වාග් ප‍්‍රහර එල්ල කිරිම සමස්ත කාන්තා වර්ගයටම විරුද්ධව කරන අපහාසයක් හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනයක් ලෙස සලකමු.

2014 දෙසැම්බර් මස 12 වන දින වන දින නිවුස් ප‍්‍රස්ට් මගින් ප‍්‍රචාරය කරන ලද ඇමතිවරයාගේ පහත ප‍්‍රකාශය මෙසේය.

”මේ ඡන්ද සටන දැැන් තමයිි හරියට ආවේ. ඒ සටන චන්ද්‍රිකා හා මහින්දගේ. මේ සටනේදි චන්ද්‍රිකාව පොළවේ ගහලා දාලා ඔය රෙදි ගලවලා චන්ද්‍රිකාගේ හෙලූවැල්ලෙන් පාරේ පිස්සු හැදිලා දුවන්න පාර හදන්න හොඳ අවස්ථාවක් මේක”

දේශපාලනයේ නියැලෙන කාන්තාවන් අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය නායකත්වය හොබවනවා පමණක් නොව ලංකාවේ ප‍්‍රථම ජනාධිපතිනියද, ජාත්‍යන්තර ගෞරවයට පාත‍්‍ර වූ තැනැත්තියක්ද වන්නේය. සමස්ත ලංකාවේම කාන්තාවන් අතරින් ප‍්‍රමුඛතම පදවිය දැැරු කාන්තාවකට මෙවන් අවිනීත හා හිංසාකාරි වාග් ප‍්‍රහාරයන් එල්ල කිරිමෙන් පෙනී යන්නේ රාජ්‍ය ඇමතිවරයෙකුට නොවටිනා හැසිරිමක්, ක‍්‍රියා කලාපයක් මෙම ඇමතිවරයා සතු බවයි.

එසේම නිර්ලජ්ජිත ආකාරයෙන්, කිසිඳු ශික්ෂණයක් නොමැතිව කාන්තාවක් නිර්වස්ත‍්‍ර කොට පාරේ දිවවීමට යෝජනා කිරිම දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වන වගන්තිය අනුව කාන්තාවකට කරන ලද ලිංගික අතවරයක් ලෙසත් සලකා ඇමතිවරයාට විරුද්ධව නීතිමය පියවර ගත යුතුය.

වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගිකව සාපරාධි බලහත්කාරයක් කිරිමට යෝජනා කිරිමෙන් ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු ලිංගික අතවර කිරිමේ වරද සිදු කරන බව අපි තරයේ ප‍්‍රකාශ කරමු. වහාම මෙම උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් ප‍්‍රසිද්ධ සභාවට පැමිණ ඉහත ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගෙන ජනාධිපතිණියගෙන් සමාව ගත යුතුය.

එසේම සමස්ත කාන්තා පරපුරටම කරන ලද අපහාසයක් ලෙස සලකා මුලූ මහත් කාන්තා පරපුර වෙත තමන් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව ප‍්‍රකාශ කල යුතුය.

කාන්තාවන්ගේ සමාජ තත්වය පහත හෙලන ආකාරයෙන් සහ කාන්තාවන්ගේ ලිංගිකත්වය අළලා ප‍්‍රකාශයන් පසුගිය කාලාන්තරය පුරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ විවිධ තනතුරු හෙබවු මැති ඇමතිවරුන්ද, මන්ත‍්‍රිවරුන්ද ප‍්‍රකාශ කරන ලදී. විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරු විපක්ෂයේ දේශපාලනයේ නියැලෙන කාන්තාවන් විරුද්ධව නින්දා සහගත ප‍්‍රකාශ සිදු කරන ලදී.

ශිරාණි බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව ගෙන එන ලද දෝශාභියෝගය අවස්ථාවේදී, අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයන් ඉතාමත් නින්දිතය. මෙලෙස රටේ ප‍්‍රබල කාන්තාවන් හා දේශපාලන කාන්තාවන් සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් විසින් නිග‍්‍රහාත්මක ප‍්‍රකාශ කරන ලද බව අපි දනිමු. එසේම රටේ කාන්තා විෂය භාර තිස්ස කරලියද්ද ඇමතිවරයා නිරන්තරයෙන් ලංකාවේ කාන්තා ක‍්‍රියාකාරිනියන් හා සමස්ත කාන්තාවන්ට අපහාස වන ආකාරයෙන් කරන ලද ප‍්‍රකාශ අපමණය.

සිරස ප‍්‍රවෘත්ති වැඩසටහනට, 2013 නොවැම්බර් 15 වන දින තිස්ස කරලියද්ද ඇමතිවරයා කරන ලද ප‍්‍රකාශය උදාහරණයකට මෙසේ උපුටා දක්වමු.

”මම එක දෙයක් කියන්න ඕන ස්වේච්ජා සංවිධාන වල පතිවත ආරක්‍ෂා කරගන්න බැරිවෙච්ච කාන්තාවෝ තමයි ඉස්සරහට ඇවිල්ලා ස්වේච්ජා සංවිධානවලට සම්බන්ධ වෙලා මේ විවේචනයන් කරන්නේ. මේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ. ඔවුන් යැපෙන්නේ.ජීවත්වන්නේ. ඔවුන් තුල කිසිම හරයක් නැහැ. ඔය කීදෙනෙක් ගම්මට්මින් බැහැලා ගිහින් ඔය කාන්තාවන්ගේ ප‍්‍රශ්න විසඳලා තියෙනවද කියලා අහලා බලන්න එහෙම නැහැ මාධ්‍යයට පෙනී ඉඳලා’’

කාන්තාවන්ට මේ ආකාරයට ම්ලේච්ඡුවත්, ප‍්‍රචණ්ඩවාදීවත් හැසිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ බරපතල පිරිහීමක් වශයෙන් අපි සලකමු. මේ සම්න්ධයෙන් නිරන්තරයෙන්ම අපට අසන්නට ලැබෙන්නේ මෙම ප‍්‍රකාශ ඔවුන්ගේ පුද්ගලික බවින් යුත් බවත්, එය ජනාධිපතිතුමාගේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොදු මතය නොවන බවත්ය.

මෙය කිසිසේත්ම අපට පිළිිගත නොහැකි සාවද්‍ය ස්ථාවරයකි. කාන්තාවන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රෙජීමයේ ස්ථාවරය අපට ඉතාමත් අපැහැදිලිය. රජයේ නීතී හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල කුමක් සඳහන් වුවද බොරු පොරොන්දු වලින් කාන්තාවන් රවටමින්, කාන්තා අයිතිවාසිකම් පලූදු කිරිමට වෙර දරන බවත් අපි දනිමු. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරීමට ඇති කාන්තා කමිටු පනත හකුලා ගැනීමත්, ගෘහස්ත ප‍්‍රචණ්ඩත්ව පනතට විරුද්ධව වදන් ප‍්‍රකාශ කරමින් එය අහෝසි කිරීමේ උත්සාහයන් වලට නිරන්තරයෙන්ම වෙර දැරූ බවත් අපි දනිමු.

ගීතා කුමාරසිංහ මහත්මිය මෑතකදී ප‍්‍රකාශ කර සිටියේ දකුණේ එක්තරා ප‍්‍රබල දේශපාලන චරිතයක් ඇයට හැකිනම් අවුරුදු 20 ක් හිරේ දමන බවය. අනාර්කලී ආකර්ෂා ස්ත‍්‍රී හිංසනය පිලිබඳ චෝදනා ගොනු කලේද, තවමත් මේ දේශපාලනයේ නියැලෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෙකුට එරෙහිවය. මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කිසිදු පියවරක් නොගත් බව අපි දනිමු. විවිධ ආකාරයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් ගැරහීම් කරන ලද ඇමතිවරුන් එම තනතුරේ තවමත් රැුදි සිටීති. එසේම ස්ත‍්‍රි දූෂණ, ළමා අපයෝජන වලට සම්බන්ධ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් තවමත් මෙම රජයේ තනතුරු දරති.

දේශපාලනය තුල විවිධ මත දැරීමේ අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක ප‍්‍රධාන ලක්ෂණය වන අතර, විරුද්ධ මත දරණ ගැහැණුන් පොලොවේ ගසා නිරුවත් කර මහපාරේ යැවීමට යෝජනා කීරිම වැනි ප‍්‍රචණ්ඩකාරී සාපරාධි ක‍්‍රියාවන් කිරීමට මඟ පාදන මෙම දේශපාලන සංස්කෘතිය අපට කිසිසේත්ම පිලිගත නොහැක. මෙම දේශපාලන සංස්කෘතිය, සමස්ථ කාන්තා පරපුරේම ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල කරන අතර කාන්තාවන් දිගින් දිගටම අවමානයට ලක්කරමින්් සිටිතිි. පසුගිය වසර කිහිපය තුල වර්ධනය වූ ස්ත‍්‍රි දූෂණය සහ කහවත්ත ඇතුලූ අනෙක් ප‍්‍රදේශ වල ස්ත‍්‍රින් මරා දැමීම මෙම දේශපාලන සංස්කෘතියේම කොටසක් වන බව අපට දැන් පැහැදිලිය.

මේ අනුව එස්.බී දිසානායක අමාත්‍යවරයා විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඇතුළු පොදුවේ කාන්තාවන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුුතුුය. එසේම, මෙම ප‍්‍රකාශය නිදහස් සහ සාධාරණ මැතිවරණයකට ඇති වටපිටාවට තර්ජනයක් එල්ල වී ඇති බැවින්, ඒ සම්බන්ධව වහා ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්තුමාගේ අපි ඉල්ලා සිටිමු.

ලක්බිමේ මව්වරු හා දියණියෝ, කාන්තා දේශපාලන පීඨය, ස්ත‍්‍රි මධ්‍යස්ථානය ජා ඇල, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, දාබිඳු සාමුහිකය, කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය යාපනය, මහාචාර්ය සාවිත‍්‍රි ගුණසේකර, නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පද්මීනී වීරසුරිය, නීතිඥ ශාමිලා දලූවත්ත, විශාඛා තිලකරත්න, නීතිඥ කමනී ජිනදාස, ශ්රීන් අබ්දුල් සරුර්, රොසානා ෆ්ලැමර් කල්දේරා, අජිතා කදිරගාමර්, මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ, ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ, කුමුදුනී සැමුවෙල්, සුමිකා පෙරේරා, චමිලා තුෂාරි , සමන්මලී හෙට්ටිආරච්චි,ශානිකා විජේසිංහ, වේලූසාමි වීරසිංහම්, ශපීනාස් හසන්ඞීන්, සකු ගොඩිගමුව

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us