නලයකින් උපත ලද පෙන්ගුවින් පැටියා

Published in විදෙස්
Friday, 22 August 2014 10:41

කැලිෆෝනියාවේ පර්යේෂණාගාරයක නලයක  පෙන්ගුවින් පැටවකුට උපත ලබා දීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.

 

අංක 184 ලෙස නම්කැර ඇති මේ පෙන්ගුවින් පැටියා වීදුරැ නලයක උපත ලැබූ ලොව ප්‍රථම පෙන්ගුවින් විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැහැණු සත්ත්වයකු වන මේ පැටවාගේ වයස සති 12කි. දැන් මසුන් ආහාරයට ගන්නා බැවින් අනෙක් පෙන්ගුවින් පැටවුන් සමග මුසු කිරීමට පෙන්ගුවින් ගොවිපළේ බලධාරීන් පියවර ගෙන ඇත.

මේ කෘතිම අභිජනනය මගින් පර්යේෂකයන් අපේක්ෂා කරන්නේ ප්‍රබේදවල ජාන විවිධත්වය වර්ධනය කිරීම හා ඔවුන්ගේ ජාන පිළිබ්ඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමයි. මෙවැනි පර්යේෂණ මගින් ලෝකයේ පෙන්ගුවින් ගහනය වර්ධනය කිරීමට ද අපේක්ෂිතය.

මේ වර්ගෙයේ පෙන්ගුවින් සත්ත්වයකු හොඳින් වැඩුණු විට උස අඟල් 27කි. බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වෙයි. සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා කාලයේ දී බිත්තර දමන පෙන්ගුවින් බිත්තර රකින කාලය දින 40කි. ඉන් පසු තවත් දින 30ක් පමණ කූඩුවේ ගත කරන පෙන්ගුවින් පැටවුන් පිහාටු හොඳින් වර්ධනය වූ පසු සාමාන්‍ය පරිසරයට පැමිණේ.

Penguin (4)

 

Penguin (2)

Penguin (1)

Last modified on Friday, 22 August 2014 11:05

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us