කුසගින්නේ මියයන ලොව දුර්ලභම කුරුල්ලා

Published in විදෙස්
Thursday, 28 August 2014 10:56
ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී  සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥයෝ කියති. ඔවුන්ට වාසස්ථාන සඳහා සුදුසු තෙත් බිම් නොමැති වීම එයට හේතුවයි.
 පරිසරවේදීන් පවසන්නේ මානව ක්‍රියාකාරකම් තෙත් බිම් විනාශ වීම හේතුවෙන් ඔවුන් ඉතා සීමිත තෙත් බිම් සහිත පරිසරයන්ට කේනද්‍රගත වී ඇති බවය. හේතුවෙන් මෙම කුරුල්ලන්ඉතිරිව ඇති තෙත් බිම් කිහිපයකට ඒකරාශී වී ඇත.
 
මෙම පර්යේෂණය පිලිබඳ තොරතුරු ජාත්‍යන්තර  කුරුළු සංරක්ෂණය නැමැති ජර්නලයේ ප්‍රකාශයට පත්කර තිබේ.
එම පර්යේෂණය කල අය පවසන්නේ ඔවුන්ගේ සමීක්ෂණයට අනුව දැනට ලෝකයේ දැකිය හැක්කේ පෝර්චඩ්  පක්ෂීන් 25ක් වැනි සුළු පිරිසක් බවය.
 
මානව ක්‍රියාකාරකම් වන විනාශය සහ මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම සතුන්ගේ වාසභූමි විනාශ වි ගොස් ආහාර ද හිඟ වි ඇත. මෙම සතුන්ගේ ඉතිරිව සිටින අවසන් කීප දෙනාගේ වාසභූමිය ලෙස  සීමා වී ඇත්තේ ගිනිකොන දිග මැඩගස්කරයේ පිහිටි එකම තෙත්බිම පමණකි.
 
පර්යේෂණ ප්‍රධානි ආචාර්ය ජොෆ් හිල්ටන් පවසන්නේ මෙවැනි ඉතාමත් සිමිත ප්‍රමාණයක් සිටිනා කුරුල්ලන් ගැන සෘජු ඇස්බැල්මක් තිබිය යුතු බවයි.
 
‘‘ අපි ලඟ ගැහැණු සතුන් 10 ක් හෝ 11 ක් පමණයි සිටින්නේ මෙයින් වැඩි ප්‍රමාණයක් බිත්තර දමනවා ඒ වාගේම උන් එම බිත්තර රකිනවා නමුත් පැටවුන්ට සති දෙකක් හෝ තුනක් ගිය පසු නොපෙනි යාමට පටන්ගෙන තිබෙනවා'' යැයි හිල්ටන් පවසයි.
 
මේ සතුන් ආහාර සොයා ගන්නේ දිය යට කිමිදිමෙනි. පර්යේෂකයන් සොයාගත් සාක්ෂිවලට අනුව සතුන් මියයන්නේ කුසගින්නෙන් යැයි ද පර්යේෂකයෝ කියති. මේ විල් ඉතා ගැඹුරින් යුතුවීම නිසා ඔවුන්ට ගොදුරු සපයා ගැනීම අසීරු කටයුත්තකි.
Porchard-1

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us