මැලේසියාවේ ගුවන් අනතුරක්, 10කගේ දිවි අහිමි වෙයි

Published in විදෙස්
Tuesday, 23 April 2024 13:53

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබේ.

එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව ඇත.

එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.

අනතුරට පත්වන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වෙයි.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us