වසරේ පළමු කාර්තුවේදී චීනය නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කරයි!

Published in විදෙස්
Wednesday, 24 April 2024 08:53

චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) නිකුත් කළ සංඛ්‍යාලේඛනයන් හි සඳහන් වන අකාරයට ,වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කෙරෙන බව හෙළිදරව් කරයි.

චීන රජයේ ඉලක්කය වන්නේ, මෙම වසරේ රට පුරා නගරවල නව රැකියා මිලියන 12 ක් උත්පාදනය කිරීම යි.

ඒ අනුව, පළමු කාර්තුවේ දී ම අදාළ වැඩසටහන්වලින් හතරෙන් එකක් සම්පූර්ණ කිරීමට හැකි ව තිබීම කැපීපෙනෙන කරුණකි. පසුගිය මාසයේ චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2% ක් වූ අතර, රැකියා තත්ත්වය ස්ථාවර වී ඇත.

රැකියා ප්‍රවර්ධන යාන්ත්‍රණය වැඩිදියුණු කරමින් වෘත්තීය නිපුණතා පුහුණු ඉහළ නැංවීමට ද පියවර ගන්නා බව, චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක චෙං ෆෙං මහතා පෙන්වා දෙයි.

-P.M

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us