තායිවාන් ගුවන් අනතුරෙන් 51ක් ජිවිතක්ෂයට

Published in විදෙස්
Thursday, 24 July 2014 09:34

තායිවානයේදී ඊයේ මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 51 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ චීනයේ ක්වාෂියුං සිට තායිවානයේ පෙන්ගු දිවයින දක්වා ගමන් කරමින් තිබූ ට‍්‍රාන්ස් ඒෂියා සමාගමට අයත් ගුවන් යානයකි.

තායිවානයට දැනට බලපැවැත්වෙන මැට්මෝ කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩබස්වන්නට ඇතැයි ඇතැම් විදෙස් වාර්තා සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 54 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හතරදෙනෙකු සිට ඇති බව තායිවාන සී.එන්.ඒ. පුවත් සේවය පවසයි.

ද්විත්ව එන්ජින් සහිත දුම්රිය මෙම හදිසි ගොඩබෑමේදී නිවාස සහිත ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත පතිත වී ඇති බවටද තොරතුරු වාර්තා වන අතර, මේ හේතුවෙන් නිවාස කිහිපයක් ගිනිගෙන ඇත.

 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us