බදුල්ලේ පුද්ගලයින් 40,350 හැඳුණුම්පත් නෑ

Published in පුවත්
Thursday, 14 August 2014 13:18
ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සදහා ජාතික හැඳුණුම්පත් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුණුම්පත් ලබාදීමේ ජංගම සේවාවේ පළමු අදියර 2014 අගෝස්තු 19 සිට 23 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ දී පැවැත්වේ.
 බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛණයේ පුද්ගලයින් 40,350 කගේ ජාතික හැඳුණුම්පත් අංක සටහන් නොවන අතර තිස් දහසකට ආසන්න පිරිසකට හැඳුණුම්පත් කිසිවක් හෝ නොමැති බවට විශ්වාස කෙරේ.   පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) සහ ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍ර ය විසින් මෙම ජංගම සායන මගින් මෙම ඡන්දදායකයින් පිරිසට පහසුකම් සැපයෙනු ඇත.  
 
ජාතික හැඳුණුම්පත් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුණුම්පත් සදහා අවශ්‍ය ඡායාරූප, මුද්දර ගාස්තු ඇතුඵ අනෙකුත් පහසුකම් සියල්ල මෙම සායන වලින් නොමිලේ සැපයේ.  අනන්‍යතා සහතික සඳහා අවශ්‍ය උප්පැන්න සහතික ඇතුළු වෙනත් පහසුකම් ද මෙම සායන ඔස්සේ සැපයේ. 
 
ඌව පරණගම (අගෝස්තු 19), ඇල්ල (අගෝ. 20), බණ්ඩාරවෙල (අගෝ. 21 සහ 22) සහ හපුතලේ (අගෝ. 23) දින සායන පැවැත්වේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us