“මැතිවරණ නිලධාරින් අනාරක්ෂිතයි“

Published in පුවත්
Thursday, 14 August 2014 12:47
ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි. කැෆේ සංවිධානය, පැෆ්රල් සංවිධානයසහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ  වහාම මැතිවරණ නිලධාරින්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අතවශ්‍ය සාධකයක් බවයි.
 පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වලදී කැස්බෑව, හෝමාගම සහ වැලිගම මාතර ආදී ප්‍ර දේශවල මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී මහව යන ප්‍රදේශවලදී මැතිවරණ ක්‍රියාවලියට එල්ල වු බලපෑම් උදාහරණ කොට දක්වන එම නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීත් සිදුවිය හැකි බවට පෙර නිමිති පළවී ඇති  බවයි.
 
ඌව පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා භාරදුන් දිනයේ (අගෝස්තු 6) හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ විසින් ලොග්ගල් ඔය ප්‍රදේශයේදී සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කිරීමේ සිදුවීම සහ නීති විරෝධී රථ පෙළපාලියේ නිරත වීම ආදී සිදුවීම් හුවා දක්වා ඇති මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කර ඇත්තේ දැන් සිටම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරින් මැතිවරණ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි.
 
මෙම ඒකාබද්ධ නිවේදනයට කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ  රජිත් කීර්ති තෙන්නකෝන්,පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) වෙනුවෙන් ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු මහතා ද අත්සන් තබා තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us