දෙමළ සන්ධානය මෝදී හමුවීමට යයි

Published in පුවත්
Thursday, 21 August 2014 09:44

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යති. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ,  ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සංවිධාන කෙරුණු බවයි. 

දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ඊට සහභාගිවේ.  


ඔවුන් මෙම සාකච්ඡුාවේදී මෙරට වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය. 


එමෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ සහ නැගෙනහිර ප‍්‍රදේශවල සිදු වූ නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡුා කිරීමට දෙමල සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටියි.


''  උතුරු පළාතේ ඇතැම් ඉඩම්වල තවමත් යුද හමුදාව සිය කඳවුරු පවත්වාගෙන යනවා. මේ නිසා උතුරේ ජනතාවට තම මුල් බිම්වල පදිංචි වීම සම්බන්ධයෙන් තවමත් ගැටලූ පවතිනවා. මෙවැනි කරුණු නිසා උතුරේ දෙමළ ජනතාව තවමත් පීඩාවට පත්ව සිටිනවා. මේ සම්බන්ධයෙන් අපේ මන්ත‍්‍රී කණ්ඩායම ඉන්දීය දේශපාලන බලධාරීන් දැනුවත් කිරීමටයි බලාපොරොත්තුවෙන් සිටින්නේ. එමෙන්ම උතුරේ ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතව තිබෙනවා..'' යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා කියා සිටියේය. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us