පොදු අපේක්ෂකයා ඉදිරිපත් කිරීම ස්ථිරයි

Published in පුවත්
Thursday, 21 August 2014 09:54

පොදු අපේක්ෂකයෙකු සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවසන් එකඟතාවකට පැමිණෙයි 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න තේමා කරගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවසන් එකඟතාවකට එළඹි බව එහි සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ. 


පෙරේදා (19දා) කෝට්ටේ ශ්‍රී නාග විහාරයට රැස්වූ ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි බව උන්වහන්සේ පැවසූහ.


ඒ අනුව මේ මස 26 වැනිදින මහනුවර නගරයෙන් ආරම්භ වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකින් පසුව දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන අයුරින් සම්මන්ත්‍රණ පැවැත්වීමටත්, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, කලාකරුවන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, ධීවර, ගොවි, ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන ඇතුළු සියලුම සංවිධාන සමග කඩිනමින් සාකච්ඡා කිරීමටත් තීරණය කළ බව සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ. 


බෙදී, වෙන් වී, වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණයක් ලැබීම අසීරු බැවින් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග පොදු එකඟතාවකට එළඹීමේ අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡා කළ බවද උන්වහන්සේ කීහ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us