“ නංගි නැතුව මට පාළුයි “

Published in පුවත්
Friday, 12 September 2014 11:06

CryBoy”නංගියි, මමයි , සෙල්ලම් කළේ එකට. කෑම කෑවෙත් නංගියි, මමයි. අපි දෙන්නා නිදා ගත්තෙත් එක ඇදක. කවුරු හරි මාමෙක් නංගිව හොරකම් කරගෙන ගිහින් . අනේ නංගී නැතුව මට හරි පාළුයි. මගේ නංගිව කවුරු හරි මාමා කෙනෙක් තියාගෙන ඉන්නවා නම් , පින් සිද්ධ වෙයි නංගිව ආපහු ගෙනත් දෙන්න.”



හැඩූ ක`දුළින් යුතුව මෙලෙස සිය අදහස් කළේ පසුගිය 09 වැනිදා අළුයම් කාලයේදී නා`දුනන පිරිසක් විසින් පැහැරගෙන ගිය පමාරා කේෂාලී බණ්ඩාර දැරියගේ, බිනුල් ජවිනු බණ්ඩාර නැමැති එකම සොහොයුරාය.

නව හැවිරිදි වියෙහි පසුවන බිනුල් ජවිනු බණ්ඩාර දරුවා සිය නැගණිය පිළිබදව මෙසේ මතකය අවදි කළේය.

”මමයි, ලොකු නංගියි නිදා ගත්තේ බිත්තිය අයිනේ ඇදේ. අපිට එහා පැත්තේ ඇදේ අම්මයි, තාත්තායි, චූටි නංගියි නිදාගත්තා. මම නිදාගෙන ඉද්දී මගේ ඇගට උඩින් අතක් යනවා වගේ මතකයි. මම හිතුවේ ඒ ලොකු නංගිගේ අත කියලා. ටික වේලාවක් යද්දී සීතල හුළගක් වැදිලා මට ඇහැරුණා. ඇහැරිලා බලද්දී නංගී නෑ. මම තාත්තාට කතා කරලා ඇහැව්වා නංගි ඔයාලගේ ඇදේද කියලා. එතකොට තමයි තාත්තලාත් නංගි නෑ කියලා දැනගත්තේ. ” යැයි පැවසීය.


පැහැරගනු ලැබූ පමාරා කේෂාලී බණ්ඩාර දැරිය පිළිබද කිසිදු තොරතුරක් මේ වන තෙක් වාර්තාවී නොමැත.

පැහැරගත් දැරිය සොයාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ඇතුළු පොලිස් කණ්ඩායම් ගණනාවකගේ සහභාගීත්වයෙන් විශේෂ මෙහෙයුමක් මේවන විටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

119 දුරකථන අංකය ඔස්සේ සහ විවිධ පොලිස් ස්ථානවලට  පමාලි දැරිය පිළිබදව මහජනතාවගෙන් ඇතැම් තොරතුරු ලැබෙමින් පවතින බවත්, එම තොරතුරු ඔස්සේද පොලිස් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය කියයි.

පැහැරගැණුනු දැරිය නිකදළුපොත ප‍්‍රදේශය අවට ඇති ගම්මානයක සගවාගෙන සිටින බවට සැකකෙරෙන අතර ඒ හේතුවෙන් ප‍්‍රදේශයේ මාර්ග ගණනාවකම පොලිස් කණ්ඩායම් කිහිපයක් පැය විසිහතර පුරාම මාර්ග සෝදිසිකිරීම් වල යෙදී සිටිති. 

(lfn.lk)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us