ඉන්දියානු සාගර කලාපය සුනාමි අවධානමක

Published in පුවත්
Friday, 12 September 2014 11:53
Tsunamiශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ. 
 
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ අමෙරිකාවේ මියාමි සරසවියේ කෙලී ජැක්සන් ඇතුළු පිරිසක් විසිනි. 
 
ඔහුට අනූව ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ පිහිටි භූමියේ පාෂාණ ස්ථර 22ක් ඔවුන් විසින් අධ්‍යයනය කර ඇත. 
 
මේ යටතේ මෑත කාලයේදී මෙන්ම අතීත කාල පරාසය තුළ සිදුවූ භූ කම්පන හා සුනාමි සංසිද්ධීන් ඔවුන් අධ්‍යයනය කර මෙම නිගමනයට එළඹ ඇත. 
 
මෙම අධ්‍යයනය මගින් ඔවුන් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ රටවලට තවත් වසර ගණනාවක් තුළ සුනාමියක් ඇතිවීමට ඉඩ ඇති බවයි.
 
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇති වූ රිච්ටර් මාපකේ ඒකක 9.2ක් ලෙස සනිටුහන් වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු සුනාමියට හසුවූ රටවල පුද්ගලයින් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
කෙසේ වුවද ඊටත් වඩා දරුණුසුනාමි අනතුරක් ඉදිරියේදී වීමට ඉඩ ඇති බව ඉහත  පර්යේෂණයෙන්  අනාවරණය වී ඇත. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us