මහනුවර නගරයේ විලියම් ගොපල්ලව මාවතේදී අද අලූයම සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. පුද්ගලික බස් රථයක් ලංගම බස් රථයක පසුපස ගැටීමෙන් අද අලූයම 3 යි 30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.