වර්ජනය ඇරඹෙයි - දුම්රිය ගමන් අඩාලයි

Published in පුවත්
Thursday, 09 October 2014 10:54

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ද නතර කිරීමට සිදුව තිබේ.

වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

දුම්රිය ශ්‍රේණි හතරකට ඇති වී තිබෙනා වැටුප් විෂමතාවයන් විසඳන ලෙසට බලධාරීන්ගෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති නිසා ඊයේ රාත්‍රී 12 සිට ආරම්භ කල වර්ජනය සිය ගැටලුවලට නිශ්චිත විසඳුම් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බව එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියේ ය.


කෙසේ වෙතත් සේවකයින් රාජකාරී සඳහා වාර්තා කරන ආකාරයට දුම්රිය ධාවන කටයුතු සිදුකරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්.රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව මගහරවා ගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

එහි මෙහෙයුම් අධිකාරී එච්.එම්.චන්ද්‍රසිරි මහතා කියා සිටියේ ප්‍රධාන දුම්රිය ස්ථාන මූලික කරගනිමින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us